ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 9:4 - සිංහල කාලීන පරිවර්තනය

තවද එහිදී එලියා හා මෝසෙස් ඔවුන්ට පෙනුණේ ය. ඔවුන් සිටියේ යේසුස්වහන්සේ සමඟ කතා කරමිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට එලියා ද මෝසෙස් ද ඔවුන්ට දර්ශනය වූ හ. ඔව්හු ජේසුස් වහන්සේ සමඟ කතා කරමින් සිටියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට එලියා ද මෝසෙස් ද ඔවුන්ට දර්ශනය වූ හ. ඔව්හු ජේසුස් වහන්සේ සමඟ කතා කරමින් සිටියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට එලියා මෝසෙස් සමඟ ඔවුන්ට පෙනුණේය. ඔව්හු යේසුස්වහන්සේ සමඟ කථාකරමින් සිටියෝය.

පරිච්ඡේදය බලන්න



මාක් 9:4
15 හුවමාරු යොමු  

මන්ද යොහන් දක්වා සියලු දිවැසිවරු හා දහම් නීතිය, දිවැසි වැකි පළ කළහ.


උන්වහන්සේගේ වස්ත්‍ර දිදුලන තද සුදකින් බැබළුණේ, මෙලොව කිසි අපුල්ලන්නෙකුටවත් සුදු කළ නො හැකි තරමිනි.


පේතෘස්, යේසුස්වහන්සේට කතා කොට, “රබ්බී, මෙහි සිටීම අපට හොඳයි! අපි කූඩාරම් තුනක් හදමු; ඔබට එකක්, මෝස‍ෙස්ට එකක්, එලියාට එකක්” යැයි කීවේ ය.


මෝසෙස්ගෙන් හා සියලු දිවැසිවරුන්ගෙන් පටන් ශුද්ධ ලියවිලිවල තමන්වහන්සේ ගැන වූ සියලු දෑ පැහැදිලි කළ සේක.


උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහයේත්, දිවැසිවරුන්ගේත්, ගීතාවලියෙත් මා ගැන ලියවුණු හැම දෙයක්ම ඉෂ්ට විය යුතු ය කියා ඔබ හා සිටියදී මා කී වචන මේ යැ” යි පැවසූ සේක.


ඔවුහු පිළිතුරු දෙමින්, “යොහන් බව්තීස්ත ය කියා ය, සමහරු දිවැසිවර එලියා ය කියා ද අන් සමහරු පෙර විසූ දිවැසිවරයෙක් නැගිට ඇත කියා ද කියති” යි කීහ.


ඔබ ශුද්ධ ලියවිලි පිරික්සන්නේ සදාතන ජීවනය ඒවායේ ගැබ්ව ඇතැයි යන අදහසින්. මා ගැන සාක්ෂි දරන්නේ ද එම ලියවිලිමයි.


එකල ඔහුට නමස්කාර කරන්නට මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු, “එසේ නො කරනු! ඔබත්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඔබේ සහෝදරයිනුත් සමඟ මා හවුල් සේවකයෙක්. දෙවියන්වහන්සේට නමස්කාර කරනු! මන්ද යේසුස්වහන්සේගේ සාක්ෂිය, දිවැස්වැකිවල ආත්මය යැ” යි පැවසී ය.