මාක් 9:21 - සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ පියා අමතා, “මොහුට මෙය සිදුවන්නට වී කොපමණ කාලයක් දැ?” යි ඇසූ සේක. ඔහු පිළිතුරු දෙමින්, “ළමා අවදියේ සිට ය. Sinhala New Revised Version “මොහුට මෙය සිදු වී කොපමණ කල් දැ”යි උන් වහන්සේ පියාගෙන් ඇසූ සේක. ඔහු උත්තර දෙමින්, “ළමා වයසේ පටන් ය, Sinhala New Revised Version 2018 “මොහුට මෙය සිදු වී කොපමණ කල් දැ”යි උන් වහන්සේ පියාගෙන් ඇසූ සේක. ඔහු උත්තර දෙමින්, “ළමා වයසේ පටන් ය, Sinhala Revised Old Version මේක මොහුට පැමිණ කොපමණ කල්දැයි උන්වහන්සේ පියාගෙන් ඇසූ සේක. ඔහු උත්තරදෙමින්: ළදරු කාලේ පටන්ය. |
ඔවුහු උන්වහන්සේ වෙත දරුවා ගෙනාවෝ ය. උන්වහන්සේ දුටු සැණෙක, ඒ ආත්මය කොලුවා වෙවුල වීය. බිම ඇද වැටුණු දරුවා කටින් පෙණ දමමින් පෙරළෙන්නට විය.
ඔහු විනාශ කරන පිණිස ආත්මය ඔහු නිතර ගින්නේ ද වතුරේ ද හෙළයි. එහෙත්, ඔබට යමක් කළ හැකි නම් අපට අනුකම්පා කර, උපකාර කරන්නැ” යි කීවේ ය.
එසේ නම් ආබ්‍රහම්ගේ දියණියක වන මැය, සාතන් විසින් දහඅට වසරක් බැඳ තබන ලද ඒ බන්ධනයෙන් සබත් දවසක මුදා හැරීම යුතු නැද්දැ?” යි පැවසූ සේක.
දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් ද එහි වූවා ය. තමන් සතු සියල්ල වෙදුන්ට වියදම් කළා වුව ද, කිසිවකුටත් ඇය සුව කළ නො හැකි විය.
උපතේ පටන් කොර මිනිසෙක් ද මෙවේලේ දේව මාලිගයේ සුදර්ශන නම් දොරටුව වෙත ගෙන යනු ලැබී ය. දේව මාලිගයට පිවිසෙන්නන්ගෙන් සිඟමන් යදින පිණිස, දිනපතා ඔහු එම දොරටුව අසල තබන ලදී.