ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 9:17 - සිංහල කාලීන පරිවර්තනය

පිරිසෙන් කෙනෙක් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, මාගේ පුතා මා ඔබ වෙත ගෙනාවා. ඔහු ගොළු කරවන ආත්මයක් ඔහුට වැහිලා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමූහයාගෙන් එක් කෙනෙක් උන් වහන්සේට උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, මාගේ පුත්‍රයා ඔබ වෙතට ගෙනාවෙමි; ඔහුට ගොළු ආත්මයක් ආවේශ වී ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමූහයාගෙන් එක් කෙනෙක් උන් වහන්සේට උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, මාගේ පුත්‍රයා ඔබ වෙතට ගෙනාවෙමි; ඔහුට ගොළු ආත්මයක් ආවේශ වී ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සමූහයාගෙන් එක්කෙනෙක් උන්වහන්සේට උත්තර දෙමින්: ආචාරීන්වහන්ස, ගොළු ආත්මයක් ආවේශවූ මාගේ පුත්‍රයා ඔබවහන්සේ ළඟට ගෙනාවෙමි.

පරිච්ඡේදය බලන්න



මාක් 9:17
12 හුවමාරු යොමු  

ඉන්පසු යක්ෂාත්මයක් වැහුණු, අන්ධවූත්, ගොළුවූත් මිනිහෙක් උන්වහන්සේ වෙත ගෙනෙන ලදී. කතා කරන්නටත්, දකින්නටත් හැකි වන සේ උන්වහන්සේ ඔහු සුව කළ සේක.


“ස්වාමිනි, මාගේ පුත්‍රයාට දයාව පෑ මැනව. ඔහු අපස්මාරයෙන් පෙළෙමින් දැඩි සේ පීඩා විඳියි. ඔහු නිතර ගින්නේ ද වතුරේ ද වැටෙයි.


ඔවුන් පිටත්ව යන අතර මෙන්න, යක්ෂාත්මයක් වැහුණු ගොළු මිනිහෙක් උන්වහන්සේ වෙත ගෙනෙනු ලැබී ය.


දරුවන් පිට උන්වහන්සේ අත් තබන පිණිස, ජනයා කුඩා දරුවන් රැගෙන උන්වහන්සේ වෙත ආහ. එහෙත් ගෝලයෝ ඔවුන්ට තරවටු කළහ.


උදක්ම අයදිමින්, “මගේ පුංචි දියණිය මරණාසන්නයි. ඇය සුවය ලබා, ජීවත් වන පිණිස පැමිණ, ඇය පිට ඔබේ අත් තැබුව මැනව” යි ඉල්ලී ය.


සිරෝ-පිනිසියානු ග්‍රීක ස්ත්‍රියක වූ ඕ, තම දියණියගෙන් යක්ෂාත්මය දුරු කරදෙන මෙන් උන්වහන්සේගෙන් අයැද සිටියා ය.


“ඔබ ඔවුන් සමඟ වාද කරන්නේ කුමක් ගැන දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.


ඒ ආත්මය ඔහු අල්ලාගත් හැම විටෙක, ඔහු බිම හෙළනු ලබයි; එවිට ඔහු කටින් පෙණ දමා, දත්මිටි කයි; දර දඬු වෙයි. ඌ දුරු කරන මෙන් ඔබගේ ගෝලයන්ගෙන් මා ඉල්ලූ නමුත්, ඔවුන්ට එය කළ නො හැකි වී යැ” යි කීවේ ය.


සමූහයා එක්ව දුවගෙන එනු දුටු යේසුස්වහන්සේ, අපවිත්‍ර ආත්මයට තරවටු කරමින්, “ගොළු බිහිරි ආත්මය, මොහුගෙන් ඉවතට එනු; යළි කිසි දින ඔහුට ඇතුළු නො වනු කියා මම නුඹට අණ කරමි” යි පැවසූ සේක.


වරක් උන්වහන්සේ ගොළු යක්ෂාත්මයක් දුරු කරමින් සිටි සේක. යක්ෂාත්මය දුරු වෙත්ම ගොළු වී සිටි මිනිසා කතා කළේ ය. එවිට ජනයා විස්මිත වූහ.


එවිට මෙන්න, පිරිසෙන් කෙනෙක් උන්වහන්සේට මොර ගසමින්, “ගුරුතුමනි, අනේ මගේ පුතා දෙස බලන්නැයි අයදින්නෙමි. මන්ද මොහු මාගේ එකම දරුවායි.


යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ආ වග ඇසූ හෙතෙම උන්වහන්සේ හමුවට ගොස්, උන්වහන්සේට කන්නලව් කරමින්, අවුත් මරණාසන්නව සිටින තම පුත්‍රයා සුව කර දෙන මෙන් අයැදී ය.