ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 8:6 - සිංහල කාලීන පරිවර්තනය

ජන සමූහයාට බිම ඉඳගන්නා ලෙස අණ කළ උන්වහන්සේ, රොටි හත ගෙන, ස්තුති දී, ඒවා කඩා, ගෝලයින්ට දුන්නේ, සෙනඟ ඉදිරියේ ඒවා තබන පිණිස ය. ගෝලයෝ ඒවා සමූහයා ඉදිරියේ තැබූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී, රොටි සත ගෙන තුති පුදා කඩා, ඒවා ඔවුන් ඉදිරියේ තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක. ඔව්හු එය සමූහයා ඉදිරියේ තැබූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී, රොටි සත ගෙන තුති පුදා කඩා, ඒවා ඔවුන් ඉදිරියේ තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක. ඔව්හු එය සමූහයා ඉදිරියේ තැබූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සතකැයි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ සමූහයාට බිම ඉඳගන්ට අණදී, රොටි සත රැගෙන ස්තුතිකොට කඩා, ඔවුන් ඉදිරියෙහි තබන පිණිස තමන් ගෝලයන්ට දුන්සේක; ඔව්හුද සමූහයා ඉදිරියෙහි ඒවා තැබුවෝය.

පරිච්ඡේදය බලන්න



මාක් 8:6
18 හුවමාරු යොමු  

ඔවුන් අහර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ රොටි ගෙන, ආශිර්වාදය පවසා, එය කඩා, ගෝලයන්ට දෙමින්, “ගන්න, ගෙන කන්න; මෙය මාගේ ශරීරය යැ” යි කී සේක.


“රොටි සතක් හාර දහසකට දී ඉතිරි කැබලිවලින් ඔබ ලොකු කූඩ කීයක් පුරවා ගත්තා දැ?” යි ඇසූ සේක. ඔවුහු “හතකැ” යි කීහ.


“ඔබ ළඟ කොපමණ රොටි තිබේ දැ?” යි යේසුස්වහන්සේ ඇසූ සේක. “හතකි” යි ඔවුහු කීහ.


ඔවුන් වෙත කුඩා මසුන් ස්වල්ප දෙනෙක් ද වූ හෙයින් යේසුස්වහන්සේ ඒවා ද ගෙන, ඊට ආශිර්වාද කර, ඔවුන් ඉදිරියේ තබන්නැයි කී සේක.


ස්වාමියා එන කල, තම සේවකයින් අවදිව සිටිනු ඔහු දකින්නේ නම්, ඒ සේවකයින් භාග්‍යවත් ය. සැබවින් ම මා ඔබට කියන්නම්; එතුමා සේවා ඇඳුම් හැඳ, කෑමට ඔවුන් හිඳුවා ඔවුන්ට ආවතේව කරනු ඇත.


පසුව උන්වහන්සේ ඔවුන් සමඟ කෑමට හිඳ, රොටි ගෙන, ඊට ආශිර්වාද කර, එය කඩා, ඔවුන්ට දුන් සේක.


එවිට උන්වහන්සේගේ මෑණියෝ සේවකයින් අමතා, “උන්වහන්සේ කියන කවර දෙයක් වුවත් කරන්නැ” යි කීවා ය.


එහෙත් ස්වාමින්වහන්සේ තුති දුන් පසු, ජනයා රොටි කෑවායින් පසු පෙදෙස අසලට එවෙලේ තිබේරියස්හි සිට ඔරු කිහිපයක් ළඟා විණි.


දවසක් උතුම් යයි සලකන්නා එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. අනුභව කරන තැනැත්තා ඒ ගැන දෙවියන්වහන්සේට ස්තුති දෙන බැවින්, අනුභව කරන්නේ ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. යම් කෑමකින් වැළකී සිටින්නා ද ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා එසේ වැළකී සිටිමින්, දෙවියන්වහන්සේට ස්තුති කරයි.


කතාවෙන් හෝ ක්‍රියාවෙන් හෝ ඔබ කරන කවර දේ වුව, යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේ තුළින් පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේට තුති පුදමින් කරන්න.