යේසුස්වහන්සේ ඔරුවෙන් ගොඩ බැස්ස කෙණෙහි, සොහොන් ගුහා අතරින් නික්ම ආ අපවිත්‍ර ආත්මයක් වැහුණු මිනිහෙක් උන්වහන්සේට මුණ ගැසිණි.
මාක් 5:3 - සිංහල කාලීන පරිවර්තනය ඔහු වාසය කළේ සොහොන් ගුහාවල ය. කිසිවකුටත් ඔහු බැඳ දැමීමට නො හැකි විය; යදමින් පවා බැඳිය නො හැකි විය. Sinhala New Revised Version ඔහු වාසය කෙළේ සොහොන් ගුහාවල ය. කිසිවෙකුට ඔහු කිසි සේත් දමනය කළ නොහැකි විය; යදමකින් වත් එය කළ නොහැකි විය. Sinhala New Revised Version 2018 ඔහු වාසය කෙළේ සොහොන් ගුහාවල ය. කිසිවෙකුට ඔහු කිසි සේත් දමනය කළ නොහැකි විය; යදමකින් වත් එය කළ නොහැකි විය. Sinhala Revised Old Version ඔහු සොහොන් ගෙවල වාසයකෙළේය. දම්වැලකින් පවා ඔහු තවත් නවත්වන්ට කිසිවෙකුට නුපුළුවන්විය. |
යේසුස්වහන්සේ ඔරුවෙන් ගොඩ බැස්ස කෙණෙහි, සොහොන් ගුහා අතරින් නික්ම ආ අපවිත්‍ර ආත්මයක් වැහුණු මිනිහෙක් උන්වහන්සේට මුණ ගැසිණි.
බොහෝ විට ඔහුගේ අත්-පා විලංගු ලා, යදමින් බැඳ තැබූ නමුදු ඔහු මේ යදම් බිඳ, විලංගු කැබලි කර දැම්මේ ය. ඔහු මෙල්ල කිරීමට තරම් ශක්තියක් කිසිවකුටත් නො වීය.
මන්ද ඒ මිනිසාගෙන් පිට වී යන ලෙස ඒ අපවිත්‍ර ආත්මයට උන්වහන්සේ අණ කළ බැවිනි. මන්ද ඌ නොයෙක් වර ඔහුට ආවේශ වූ බැවින්, ඔහුගේ දෑත දෙපය යදමින් බැඳ, මුර කරන ලදී. එහෙත් ඔහු ඒ බැමි බිඳ, යක්ෂාත්මය විසින් පාළු තැන් කරා පන්නනු ලැබ තිබිණ.