ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 5:18 - සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ ඔරුවට ගොඩවෙද්දී, යක්ෂාවේශව සිටි මිනිසා උන්වහන්සේ සමඟ යෑමට අයැදී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උන් වහන්සේ ඔරුවට නඟිද්දී, අශුද්ධාත්මාවේශ ව සිටි මිනිසා තමාටත් උන් වහන්සේ සමඟ යාමට අවසර දෙන මෙන්‍ ආයාචනා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

උන් වහන්සේ ඔරුවට නඟිද්දී, අශුද්ධාත්මාවේශ ව සිටි මිනිසා තමාටත් උන් වහන්සේ සමඟ යාමට අවසර දෙන මෙන් ආයාචනා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ ඔරුවට නගිද්දී, යක්ෂාවේශව සිටි මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ සිටින ලෙස උදක්ම ඉල්ලා සිටියේය.

පරිච්ඡේදය බලන්න



මාක් 5:18
10 හුවමාරු යොමු  

උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.


ඔවුහු යේසුස්වහන්සේ වෙත ආ කල, යක්ෂාත්ම වැහී සිටි මිනිහා ඇඳුම් ඇඳ, හොඳ සිහියෙන් යුතුව, වාඩි වී සිටිනු දැක, බය වූහ.


සිද්ධිය ඇසින් දුටුවෝ, යක්ෂාවේශව සිටි මිනිහාට සිදු වූ දේ හා ඌරන්ට සිදු වූ දේ ඔවුන්ට විස්තර කළහ.


එවිට ඔවුහු තම පෙදෙසින් ඉවත්ව යන ලෙස යේසුස්වහන්සේගෙන් අයදින්නට පටන් ගත්හ.


උස් හඬ නගා කෑ ගසමින්, “මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස්වහන්ස, ඔබට මගෙන් ඇති කාරිය කිම ද? මට වධ දෙන්නේ නැති වගට දෙවියන්වහන්සේට දිවුරන්නැ” යි කී ය.