ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 4:29 - සිංහල කාලීන පරිවර්තනය

අස්වැන්න පැසුණු වහාම ඔහු ඊට දෑකැත්ත යොදයි. මන්ද අස්වැන්න ඇවිල්ලා” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්, ඔහු වහා ම දෑකැත්ත යොදන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්, ඔහු වහා ම දෑකැත්ත යොදන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ගොයම් පැසුණු කල, කපන කාලය පැමුණුණ බැවින්, ඔහු වහාම දෑකැත්ත යොදන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න



මාක් 4:29
9 හුවමාරු යොමු  

අස්වනු කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්නට හරින්න. අස්වනු කාලය ආවාම පළමුව කිරිඳි එකතු කොට, පුලුස්සන පිණිස ඒවා මිටි බඳින්න; එහෙත් තිරිඟු මගේ ධාන්‍යාගාරයේ රැස් කරන්න කියා අස්වනු නෙළන්නන්ට මම කියන්නෙමියි’ ” පැවසී ය.


පොළොවෙන්ම පල හට ගන්වයි. පළමුව දළු ද පසුව කරල් ද ඉන්පසුව කරල් පුරා බීජ ද හට ගන්වයි.


ගින්න බාරව සිටි වෙනත් දේව දූතයෙක් පූජාසනය වෙතින් අවුත්, මුවහත් දෑකැත්ත ඇතිව සිටි දේව දූතයාට උස් හඬින් කතා කර, “ඔබගේ දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු රැස් කරන්න; මන්ද එහි මිදි පල ඉදිලා” යි කීවේ ය.