ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 3:8 - සිංහල කාලීන පරිවර්තනය

උන්වහන්සේ කළ සියලු දෑ ගැන අසා තිබූ මහත් සමූහයක් යුදයෙන්, යෙරුසලමෙන්, ඉදුමයෙන්, යොර්දාන් එගොඩින්, තීර් හා සීදොන් අවටින් යන පෙදෙස්වලින් උන්වහන්සේ වෙත ආහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෙරුසලමෙන් ද ඉදුමයෙන් ද ජොර්දාන් එගොඩින් ද තීර් සහ සීදොනය අවටින් ද මහා ජනකායක් උන් වහන්සේ කළ සියල්ල ගැන අසා උන් වහන්සේ වෙත ආහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෙරුසලමෙන් ද ඉදුමයෙන් ද ජොර්දාන් එගොඩින් ද තීර් සහ සීදොනය අවටින් ද මහා ජනකායක් උන් වහන්සේ කළ සියල්ල ගැන අසා උන් වහන්සේ වෙත ආහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෙරුසලමෙන්ද ඉදුමයෙන්ද යොර්දාන් එගොඩින්ද තීර් සහ සීදොන් අවටින්ද මහත් සමූහයක් උන්වහන්සේ විසින් කරනලද මහත් ක්‍රියා ගැන අසා උන්වහන්සේ ළඟට ආවෝය.

පරිච්ඡේදය බලන්න



මාක් 3:8
18 හුවමාරු යොමු  

“අහෝ කොරාසීනය, ඔබට වන විපතක මහත! අහෝ බෙත්සයිදා, ඔබට වන විපතක මහත! මන්ද නුඹ දෙපොලේ කරන ලද බලවත් ක්‍රියා තීර් හා සීදොන්හි දී කරන ලද නම්, මීට බොහෝ කලින් ඔවුන් ගෝණි පඩංගු හැඳ, අළු මත හිඳ පසුතැවිලි වන්නට තිබිණි.


ගලීලයෙන් ද දෙකපොලිස් වෙතින්, යෙරුසලමෙන්, යුදයෙන් හා යොර්දාන් එගොඩින් ද පැමිණි අති මහත් ජනකායක් උන්වහන්සේ අනුව ගියහ.


යේසුස්වහන්සේ එතැනින් පිටත්ව, තීර් පෙදෙසට පැමිණි සේක්, නිවසකට පිවිසි සේක. කිසිවකුත් එය දැන ගන්නවාට උන්වහන්සේ කැමති නො වූ නමුත්, සැඟවී සිටීමට උන්වහන්සේට නො හැකි විය.


ඉන්පසු උන්වහන්සේ තීර් පෙදෙසින් නික්ම, සීදොන් මැදින් ගොස්, දෙකපොලිස් පෙදෙසේ ගලීල මුහුද වෙත පැමිණි සේක.


උන්වහන්සේ ඔවුන් සමඟ පහළට බැස, තැනිතලා බිමකට ආ සේක. උන්වහන්සේගේ අනුගාමිකයින් විශාල සංඛ්‍යාවක් හා මුළු යුදයෙන් ද යෙරුසලමෙන් ද මුහුදුකරයේ තීර් හා සීදොන් පළාත්වලින් ද ආ අති මහත් ජනකායක් එහි වූහ.