එවිට තම හැඳිවත් ඉරා ගත් උත්තම පූජකයා, “ඔහු කීවේ දේවාපහාස! තවත් සාක්ෂිකරුවන් අපට කුමට ද? මේ දැන් ඔහුගේ දේවාපහාසය ඔබට ඇහුණා;
මාක් 2:7 - සිංහල කාලීන පරිවර්තනය “මේ මිනිහා මෙලෙස කතා කරන්නේ ඇයි? ඔහු කරන්නේ දේවාපහාසයක්! පාප කමා කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණක් මිස අන් කවරකුට දැ?” යි සිතූහ. Sinhala New Revised Version “මේ මිනිහා මෙසේ කතා කරන්නේ මක්නිසා ද? මේ දේවාපහාසයකි! දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් වෙන කාට දැ”යි සිතූ හ. Sinhala New Revised Version 2018 “මේ මිනිහා මෙසේ කතා කරන්නේ මක්නිසා ද? මේ දේවාපහාසයකි! දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් වෙන කාට දැ”යි සිතූ හ. Sinhala Revised Old Version මොහු මෙසේ කථාකරන්නේ මක්නිසාද? මොහු දෙවියන්වහන්සේට අපහාසකරයි. එක්කෙනෙකුට එනම් දෙවියන්වහන්සේට මිස පව් කමාකරන්ට කාට පුළුවන්දැයි තමුන්ගේ සිත්වලින් කල්පනාකරගත්තෝය. |
එවිට තම හැඳිවත් ඉරා ගත් උත්තම පූජකයා, “ඔහු කීවේ දේවාපහාස! තවත් සාක්ෂිකරුවන් අපට කුමට ද? මේ දැන් ඔහුගේ දේවාපහාසය ඔබට ඇහුණා;
එවිට මෙන්න! දහම් පඬිවරු ඇතමෙක් තමන් අතරේම කතා කරමින්, “මේ මිනිසා දේවාපහාස කරතැ” යි කීහ.
ඔබට ඇසුණා නො වේ ද මේ දේවාපහාසය! ඔබේ තීරණය කුමක් දැ?” යි පැවසී ය. ඔහු සුදුසු මරණයට යැයි සියල්ලෝ තීන්දු කළෝ ය.
ඔවුන් මේ මේ ලෙස ඔවුන්ගේ හදවතින් සිතූ වග එකෙණෙහිම යේසුස්වහන්සේ තම ආත්මයෙන් දැන, ඔවුන් අමතා, “ඔබ මෙවැනි දෑ ඔබේ හදවතින් සිතන්නේ මන්ද?
එවිට දහම් පඬිවරු හා පරිසිවරු, “දේවාපහාස පවසන මොහු කවුරු ද? දෙවියන්වහන්සේට මිස, පාප කමා කරන්නට පුළුවන් කවරකුට දැ?” යි ප්‍රශ්න කරන්නට වන්හ.
එවිට කෑමට හිඳ සිටි අය ඔවුනොවුන් අතරේ කතා කරමින්, “පාප කමාව පවා දෙන මොහු කවරෙක් දැ?” යි පවසන්නට වන්හ.
යුදෙව්වෝ පිළිතුරු දෙමින්, “අප ගල් ගසන්නට හදන්නේ කළ ඒ හොඳ වැඩ නිසා නො වෙයි. හුදු මිනිසකු වන ඔබ දෙවියන්වහන්සේ ය කියා ගන්නා දේවාපහාසයට යැ” යි කීහ.
‘මා දෙවියන්වහන්සේගේ පුත්‍රයා ය’ කී හේතුවෙන් පියාණන්වහන්සේ ම තෝරා වෙන් කොට ලෝකයට එවූ තැනැත්තාට ඔබ දේවාපහාස කරනවා යයි ඔබ කියන්නේ කෙසේ ද?