ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 2:19 - සිංහල කාලීන පරිවර්තනය

එවිට යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මනාලයා මංගල පිරිස සමඟ සිටියදී, ඔවුන්ට නිරාහාරව සිටිය හැකි ද? මනාලයා ඔවුන් සමඟ සිටින තාක්, නිරාහාරව සිටින්නට ඔවුන්ට නො හැකියි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උන් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “මනාලයා ඔවුන් සමඟ සිටිය දී ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට උපවාස කළ හැකි ද? මනාලයා ඔවුන් සමඟ සිටින තුරු ඔවුන්ට උපවාස කළ නොහැකි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

උන් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “මනාලයා ඔවුන් සමඟ සිටිය දී ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට උපවාස කළ හැකි ද? මනාලයා ඔවුන් සමඟ සිටින තුරු ඔවුන්ට උපවාස කළ නොහැකි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මගුල් ගෙදර අය සමඟ මනමාලයා සිටියදී ඔවුන්ට නිරාහාරව සිටින්ට පුළුවන්ද? මනමාලයා ඔවුන් සමඟ සිටින තෙක් නිරාහාරව සිටින්ට ඔවුන්ට බැරිය.

පරිච්ඡේදය බලන්න



මාක් 2:19
8 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මංගල පිරිසට, ඔවුන් සමඟ මනාලයා සිටියදී ශෝක විය හැකි ද? මනාලයා ඔවුන් වෙතින් ඉවතට ගනු ලබන දවස් පැමිණෙයි. එවිට ඔවුන් නිරාහාරව සිටිනු ඇත.


යොහන්ගේ ගෝලයෝ හා පරිසිවරු උපවාසයේ යෙදුණහ. එකල ඇතැම් දෙනෙක් පැමිණ, “යොහන්ගේ ගෝලයින් හා පරිසිවරුන්ගේ ගෝලයින් උපවාසයේ යෙදෙනවා; එහෙත් ඔබේ ගෝලයින් උපවාසයේ නො සිටින්නේ මන්දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ.


එහෙත් මනාලයා ඔවුන් වෙතින් ඉවතට ගන්නා දවස් පැමිණෙයි. ඒ දවසේ ඔවුන් නිරාහාරව සිටිනු ඇත.