ඔබ ප්‍රේම කරන්නේ ඔබට ප්‍රේම කරන අයට පමණක් නම්, ඔබට ඉන් ඇත්තේ කවර ප්‍රති විපාකයක් ද? බදු අය කරන්නෝ පවා එසේ නො කරත් ද?
මාක් 2:15 - සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ ලෙවීගේ නිවසේ කෑමට හිඳ සිටියදී, බදු අය කරන්නන් බොහෝ දෙනෙක් ද පව්කාරයෝ ද උන්වහන්සේ හා ගෝලයින් සමඟ හිඳ සිටියහ. මන්ද උන්වහන්සේ අනුව ගියෝ බොහෝ දෙනෙකි. Sinhala New Revised Version තවද, උන් වහන්සේ ඔහුගේ නිවෙසහි කෑමට වැඩහුන් කල අයකැමියන් සහ පව්කාරයන් බොහෝ දෙනෙක් ද උන් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ අනුගාමිකයෝ වූ හ. Sinhala New Revised Version 2018 තවද, උන් වහන්සේ ඔහුගේ නිවසෙහි කෑමට වැඩහුන් කල අයකැමියන් සහ පව්කාරයන් බොහෝ දෙනෙක් ද උන් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ අනුගාමිකයෝ වූ හ. Sinhala Revised Old Version තවද උන්වහන්සේ ඔහුගේ ගෙයි කෑමට හුන් කල, බොහෝ සුංගම් අයකරන්නෝද පව්කාරයෝද උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් සමඟ ඉඳගත්තෝය. මක්නිසාද බොහෝ දෙනෙක් සිටියෝය, ඔව්හු උන්වහන්සේ අනුව ගියෝය. |
ඔබ ප්‍රේම කරන්නේ ඔබට ප්‍රේම කරන අයට පමණක් නම්, ඔබට ඉන් ඇත්තේ කවර ප්‍රති විපාකයක් ද? බදු අය කරන්නෝ පවා එසේ නො කරත් ද?
උන්වහන්සේ ගමන් ගනිද්දී, අල්පෙවුස්ගේ පුත් ලෙවී, අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි ඔහුට කී සේක. එවිට ඔහු නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය.
උන්වහන්සේ පව්කරුවන් හා බදු අය කරන්නන් සමඟ ආහාර ගනු දුටු පරිසිවරුන්ගේ දහම් පඬිවරු, උන්වහන්සේගේ ගෝලයින් අමතමින්, “මොහු බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ කන්නේ මන්දැ?” යි ඇසූහ.
තවද බදු අය කරන්නන් හා පව්කරුවන් යන හැම උන්වහන්සේට සවන් දෙන්නට උන්වහන්සේ වටා රොක්වන්නට වූහ.
උන්වහන්සේ ඔවුන් සමඟ පහළට බැස, තැනිතලා බිමකට ආ සේක. උන්වහන්සේගේ අනුගාමිකයින් විශාල සංඛ්‍යාවක් හා මුළු යුදයෙන් ද යෙරුසලමෙන් ද මුහුදුකරයේ තීර් හා සීදොන් පළාත්වලින් ද ආ අති මහත් ජනකායක් එහි වූහ.