යේසුස් ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ කතා කොට නිම වූ පසු, ස්වර්ගයට ඔසවා ගනු ලැබූ සේක්, දෙවියන්වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
මාක් 16:20 - සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු ගෝලයෝ පිට වී ගොස්, හැම තැන ශුභාරංචිය දේශනා කළහ. ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ලකුණු අනුසාරයෙන් පණිවුඩය සහතික කළ සේක. Sinhala New Revised Version ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්. Sinhala New Revised Version 2018 ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්. Sinhala Revised Old Version ඔව්හු පිටත්ව ගොස්, සියලු තැන්වලම දේශනා කළෝය. ස්වාමීන්වහන්සේද ඔවුන් සමඟ ක්‍රියාකරමින් ඔවුන් අතින් සිදුවූ ලකුණුවලින් වචනය ස්ථිරකළසේක. ආමෙන්. |
යේසුස් ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ කතා කොට නිම වූ පසු, ස්වර්ගයට ඔසවා ගනු ලැබූ සේක්, දෙවියන්වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
එහෙයින් පාවුල් හා බාර්ණබස් ස්වාමින්වහන්සේ උදෙසා නිර්භයව කතා කරමින්, සෑහෙන කලක් එහිම ගත කළහ. අනුහස් ලකුණු ද හාස්කම් ද පෑමට ඔවුනට වර දෙමින්, ස්වාමින්වහන්සේ තම අනුග්‍රහයේ පණිවුඩය සහතික කළ සේක.
ඔබවහන්සේගේ ශුද්ධ සේවක යේසුස්වහන්සේගේ නාමයෙන් සුව කිරීමට ද විස්මිත ලකුණු හා හාස්කම් දැක්වීමට ද ඔබවහන්සේගේ හස්තය දිගු කළ මැනව” යි කීහ.
අපෝස්තුලුවරුන්ගේ අත්වලින් ජනයා අතරේ දක්වන ලද අනුහස් ලකුණු ද හාස්කම් ද බොහෝ ය. සියලු ඇදහිලිවත්හු දේව මාලිගයේ සලමොන්ගේ මණ්ඩපයේ එක්රැස් වීම සිරිතක් කොට ගත්හ.
අනුහස් ලකුණු හා පුදුමවල බලයෙන් ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලයෙන් ද එසේ කළේ, යෙරුසලමේ සිට ඉල්ලිරිකුම් දක්වා වූ සියලු පළාත්හි ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචි සේවය සම්පූර්ණ කිරීමෙනි.
එබැවින් උන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවන් වශයෙන් අප ඔබෙන් අයැද සිටින්නේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිකරුණේ නො පිළිගන්නා ලෙසයි.
ඒ සා ශ්‍රේෂ්ඨ ගැලවීම නො සලකා සිටියොත් අප කොහොම ගැලවෙන්න ද? එය පළමු කොට ස්වාමින්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදුව, එය ඇසූවන් විසින් අපට සහතික කර ඇත.
තවද ලකුණු ද පුදුම ද නොයෙකුත් හාස්කම් ද ස්වකීය කැමැත්තට අනුව එකිනෙකාට බෙදා දුන් ශුද්ධාත්ම දීමනා ද මඟින් දෙවියන්වහන්සේ ද ඒ ගැන සාක්ෂි දැරූ සේක.