ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 15:36 - සිංහල කාලීන පරිවර්තනය

ඔවුන්ගෙන් කෙනෙක් දුව ගොස් මූදු හත්තක් මිදි යුෂ විනාකිරෙන් පොඟවා, දණ්ඩක අමුණා, උන්වහන්සේගේ මුවට ළං කරමින්, “බලන් ඉන්න. ඔහු බිමට ගන්න එලියා ඒදැයි බලමු” යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

කෙනෙක් දිව ගොස් මූදුහත්තක් විනාකිරෙහි පොඟවා, බට ලීයක ගසා උන් වහන්සේට බොන්න දී, “ටිකක් ඉන්න, මොහු බස්වාලීමට එලියා එන්නේ ද කියා බලමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

කෙනෙක් දිව ගොස් මූදුහත්තක් විනාකිරෙහි පොඟවා, බට ලීයක ගසා උන් වහන්සේට බොන්න දී, “ටිකක් ඉන්න, මොහු බස්වාලීමට එලියා එන්නේ ද කියා බලමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කෙනෙක් දිවගොස් මූදුහත්තක් කාඩියෙන් පොඟවා බට දණ්ඩක ගසා උන්වහන්සේට බොන්ට දී: නිකම් සිටින්න; මොහු බස්වාගන්ට එලියා එන්නේදැයි බලමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න



මාක් 15:36
7 හුවමාරු යොමු  

ඔවුන්ගෙන් කෙනෙක් වහා දිව ගොස් මූදු හත්තක් ගෙන, මිදි යුෂ විනාකිරෙන් එය පොඟවා, දණ්ඩක අමුණා යේසුස්වහන්සේට බොන්නට ළං කළේ ය.


ඔවුහු සුවඳලාටු මුසු මිදි යුෂ උන්වහන්සේට දුන් නමුත්, උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළ සේක.


එවිට ඒ ඇසූ ඒ අසල සිටියවුන්ගේ ඇතමෙක්, “අන්න! ඔහු එලියාට හඬගසනවා යැ” යි කීහ.


මහ හඬ ගෑමකින්, යේසුස්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.


හේවායෝ ද අවුත්, මිදි යුෂ විනාකිරි පිළිගන්වමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්,