ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 15:34 - සිංහල කාලීන පරිවර්තනය

නව වන පැයේදී උස් හඬ නගා මොර ගැසූ යේසුස්වහන්සේ, “ඒලොයි, ඒලොයි ලාමා සබක්තානි?” යි පැවසූ සේක. එහි අරුත, “මාගේ දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සවස තුනට ජේසුස් වහන්සේ, “එලොයි, එලොයි, ලාමා සබහ්(ත්)තානි” කියා මහ හඬින් මොරගැසූ සේක. එහි අර්ථය, “මාගේ දෙවි‍යනි, මාගේ දෙවි‍යනි, ඔබ මා අත් හැරියේ මක්නිසා ද?” යනුයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සවස තුනට ජේසුස් වහන්සේ, “එලොයි, එලොයි, ලාමා සබහ්(ත්)තානි” කියා මහ හඬින් මොරගැසූ සේක. එහි අර්ථය, “මාගේ දෙවි‍යනි, මාගේ දෙවි‍යනි, ඔබ මා අත් හැරියේ මක්නිසා ද?” යනුයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නවවෙනි පැයේදී යේසුස්වහන්සේ: එලොයි, එලොයි, ලාමා සබක්තානි කියා මහත් හඬින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුය.

පරිච්ඡේදය බලන්න



මාක් 15:34
16 හුවමාරු යොමු  

හයවන පැයේ සිට නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය.


නව වන පැයේදී පමණ යේසුස්වහන්සේ උස් හඬින් මොර ගසමින්, “ඒලී, ඒලී, ලාමා සබක්තානි?” පැවසූ සේක. එහි අරුත “මාගේ දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි.


ඔවුන් උන්වහන්සේ කුරුසිපත් කරන විට තුන් වන පැය විය.


එවිට ඒ ඇසූ ඒ අසල සිටියවුන්ගේ ඇතමෙක්, “අන්න! ඔහු එලියාට හඬගසනවා යැ” යි කීහ.


ඒ හයවන පැය පමණ විය. නව වන පැය දක්වාම දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය.


යේසුස්වහන්සේ උස් හඬ නඟමින්, “පියාණන්වහන්ස, ඔබවහන්සේගේ දෝතට මගේ ආත්මය බාර දෙමි” යි පැවසූ සේක. එසේ පවසා උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.


දිනක් නව වන පැයේ පමණ ඔහු දර්ශනයක් දුටුවේ ය. දෙවියන්වහන්සේගේ දූතයකු පැමිණ, “කොර්නේලියස්” යයි තමන් අමතනු ඔහු පැහැදිලිව දැක්කේ ය.


යේසුස්වහන්සේ මාංසයේ විසූ දවස්හි, තමන් මරණින් ගැලවීමට සමත් තැනැන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුතුව, යාච්ඤා හා අයැදුම් ඔප්පු කළ සේක්, උන්වහන්සේගේ දේව ගරු බිය හේතුවෙන් එය අසනු ලැබිණ.