එහෙත් නායක පූජකයින් හා වැඩිහිටියන් උන්වහන්සේට චෝදනා කළ විට, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක.
මාක් 15:3 - සිංහල කාලීන පරිවර්තනය නායක පූජකවරු උන්වහන්සේට එරෙහිව බොහෝ දෑ ගැන චෝදනා කළහ. Sinhala New Revised Version නායක පූජකවරු බොහෝ දේ ගැන උන් වහන්සේට චෝදනා කළහ. Sinhala New Revised Version 2018 නායක පූජකවරු බොහෝ දේ ගැන උන් වහන්සේට චෝදනා කළහ. Sinhala Revised Old Version නායක පූජකයෝ බොහෝ දේ ගැන උන්වහන්සේට වරද තැබුවෝය. |
එහෙත් නායක පූජකයින් හා වැඩිහිටියන් උන්වහන්සේට චෝදනා කළ විට, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක.
පිලාත්, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවේ ය. “එසේ කීවේ ඔබ යැ” යි යේසුස්වහන්සේ කී සේක.
පිලාත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ඔබට පිළිතුරක් නැති ද? බලන්න, මොවුන් ඔබට එරෙහිව මොන තරම් චෝදනා නඟනවා දැ?” යි කීවේ ය.
එතැන් පටන් පිලාත් උන්වහන්සේ නිදහස් කරන්නට සෙවී ය. එහෙත් යුදෙව්වෝ කෑ මොර ගසමින්, “ඔබ මේ මිනිහා නිදහස් කළොත්, ඔබ සීසර්ගේ මිත්‍රයෙක් නො වේ. තමන් රජෙකැයි කියා ගන්නා හැම කෙනෙක්ම සීසර්ට විරුද්ධ යැ” යි කීහ.