එහෙත් මා ඔබට කියන්නේ තම සහෝදරයා සමඟ කෝප වන කවරකු වුවත්, විනිශ්චයට යටත් වගයි. තම සහෝදරයාට ‘රකා’ හෙවත් මෝඩයායි අපහාස කරන කවරකු වුව, මන්ත්‍රණ සභාවට යටත් ය; ‘ජඩයා’ යි අවමන් කරන කවුරුන් වුව, නිරා ගින්නට යටත් ය.
මාක් 15:1 - සිංහල කාලීන පරිවර්තනය උදය වූ විගස නායක පූජකවරු, දහම් පඬිවරුන් හා වැඩිහිටියන් හා මුළු මන්ත්‍රණ සභාව සමඟ සාකච්ඡා කොට, යේසුස්වහන්සේ බැඳ, ගෙන ගොස්, පිලාත්ට භාර දුන්හ. Sinhala New Revised Version පහන් වූ කෙණෙහි ම නායක පූජකවරු, ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද සමඟ මන්ත්‍රණය කොට ජේසුස් වහන්සේට විලංගුදමා ගෙන ගොස්, පිලාත් හට භාර දුන්හ. Sinhala New Revised Version 2018 පහන් වූ කෙණෙහි ම නායක පූජකවරු, ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද සමඟ මන්ත්‍රණය කොට ජේසුස් වහන්සේට විලංගුදමා ගෙන ගොස්, පිලාත් හට භාර දුන්හ. Sinhala Revised Old Version පහන්වූ කෙණෙහිම නායක පූජකයෝ වැඩිමහල්ලන්ද ලියන්නන්ද මුළු මන්ත්‍රණ සභාවද සමඟ මන්ත්‍රණයක් පවත්වා, යේසුස්වහන්සේ බැඳගෙන ගොස් පිලාත්ට භාරදුන්නෝය. |
එහෙත් මා ඔබට කියන්නේ තම සහෝදරයා සමඟ කෝප වන කවරකු වුවත්, විනිශ්චයට යටත් වගයි. තම සහෝදරයාට ‘රකා’ හෙවත් මෝඩයායි අපහාස කරන කවරකු වුව, මන්ත්‍රණ සභාවට යටත් ය; ‘ජඩයා’ යි අවමන් කරන කවුරුන් වුව, නිරා ගින්නට යටත් ය.
දවස උදා වූ කල ජනතා වැඩිහිටි සභාව, නායක පූජකවරු හා දහම් පඬිවරු එකට රැස් වූහ. ඔවුන්ගේ මන්ත්‍රණ සභාව ඉදිරියට යේසුස්වහන්සේ පමුණුවන ලදින්, ඔවුහු කතා කරමින්,
ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ වන අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, ස්වකීය සේවක යේසුස්වහන්සේ තේජෝමහිමයට පැමිණවූ සේක. ඔබ පිලාත් අතට එතුමන් භාර දුන් විට පිලාත් එතුමන් නිදහස් කරන්නට තීරණය කළත්, ඔබ කළේ ඔහු ඉදිරි පිටදී එතුමන් ප්‍රතික්ෂේප කිරීමයි.