ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 13:5 - සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “කිසිවකු ඔබ මුළා නො කරන ලෙසට වගබලා ගන්න;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන්ගෙන මෙසේ වදාළ සේක: “කිසිවෙකු ඔබ මුළා නොකරන හැටියට බලාගන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන්ගෙන මෙසේ වදාළ සේක: “කිසිවෙකු ඔබ මුළා නොකරන හැටියට බලාගන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යේසුස්වහන්සේ ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: කිසිවෙකු විසින් නුඹලා මුළා නොකරන හැටියට බලාගන්න.

පරිච්ඡේදය බලන්න



මාක් 13:5
11 හුවමාරු යොමු  

“කියන්න අපට, මේ දේවල් සිදුවන්නේ කවරදා ද? ඒවා ඉටු වීමට යන කල, ඇති වන පෙර නිමිත්ත කුමක් දැ?” යි ඇසූහ.


බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘උන්වහන්සේ මමයි!’ කියා ගනිමින් බොහෝ දෙනකු මුළා කරනු ඇත.


උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මුළා කරනු නො ලබන්නට වගබලා ගන්න. මන්ද බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘උන්වහන්සේ මමයි. කාලය අත ළඟයි’ කියනු ඇත. ඔවුන් පසුපස නො යන්න.


නො රැවටෙන්න: “නරක ඇසුරින් හොඳ චරිත දූෂ්‍ය වේ.”


පුහු තර්කවලින් ඔබ රවටන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න. මන්ද ඒවා හේතු කොට අකීකරුවන්නන් පිට දෙවියන්වහන්සේගේ උදහස පැමිණේ.


ක්‍රිස්තුස්වහන්සේ මත පදනම් නො වී, මානව සම්ප්‍රදායයන්ට හා මේ ලෝකයේ යක්ෂාත්ම බලවේගවලට අනුව වූ දර්ශනවාද හා හිස් රැවිටිලිවලින් ඔබ වහල් කොට ගන්නට කිසිවකුට ඉඩ නො දෙන්න.


කිසි ලෙසකින් ඔබ රවටන්නට කිසිවකුට ඉඩ නො දෙන්න. පළමුව මහා විරෝධයත්, නොපනත්කමේ මිනිසා හෙවත් විනාශයේ පුත්‍රයා ප්‍රකාශ වීමත් සිදුවන තුරු, ඒ දවස පැමිණෙන්නේ නැත.


ප්‍රේමණීයයනි, හැම ආත්මයක්ම විශ්වාස නො කරන්න. ඔවුන් දෙවියන්වහන්සේ වෙතින් ද යන වග පරීක්ෂා කර බලන්න. මන්ද බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙක් ලෝකයට ගොස් සිටිති.