ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 13:21 - සිංහල කාලීන පරිවර්තනය

ඒ කාලයේ යමකු කතා කොට, ‘මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙතැන ය; අන්න, උන්වහන්සේ අතැන ය’ කියා පැවසුවත් එය විශ්වාස නො කරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“එකල, ‘බලන්න, ක්‍රිස්තුන් වහන්සේ මෙහි ය; බලන්න, එහි ය’යි යමෙකු ඔබට කීවොත් විශ්වාස නොකරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“එකල, ‘බලන්න, ක්‍රිස්තුන් වහන්සේ මෙහි ය; බලන්න, එහි ය’යි යමෙකු ඔබට කීවොත් විශ්වාස නොකරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එකල: මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙහිය; නොහොත්: අන්න එහියයි යමෙක් නුඹලාට කීවොත් විශ්වාස නොකරන්න.

පරිච්ඡේදය බලන්න



මාක් 13:21
8 හුවමාරු යොමු  

මන්ද බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘ක්‍රිස්තුස් මමයි!’ කියා ගනිමින් බොහෝ දෙනකු මුළා කරනු ඇත.


“ස්වාමින්වහන්සේ ඒ කාලය කෙටි නො කරන ලද්දේ නම්, කිසි කෙනෙක් ඉතිරි නො වන්නේ ය. එහෙත් නියම කර, තෝරාගනු ලැබූවන් උදෙසා ඒ කාලය කෙටි කළ සේක.


මන්ද ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, හැකි නම් තෝරාගනු ලැබූවන් වුව මුළා කරන්නට තරම් වූ හාස්කම් හා අනුහස් ලකුණු දක්වනු ඇත.


උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මුළා කරනු නො ලබන්නට වගබලා ගන්න. මන්ද බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘උන්වහන්සේ මමයි. කාලය අත ළඟයි’ කියනු ඇත. ඔවුන් පසුපස නො යන්න.


මා මගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ආ නමුත් ඔබ මා පිළිගන්නේ නැත; එහෙත්, යමෙක් තමාගේම නාමයෙන් ආවොත් ඔබ ඔහු පිළිගනු ඇත.