ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 12:35 - සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ දේව මාලිගයේ උගන්වමින්, “ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යැයි දහම් පඬිවරු කියන්නේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජේසුස් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනා කරමින්, “ක්‍රිස්තුන් වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යයි විනයධරයෝ කෙසේ කියත් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජේසුස් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනා කරමින්, “ක්‍රිස්තුන් වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යයි විනයධරයෝ කෙසේ කියත් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යේසුස්වහන්සේ දේවමාළිගාවේ උගන්වද්දී උත්තරදෙමින්: ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයායයි ලියන්නෝ කෙසේ කියද්ද?

පරිච්ඡේදය බලන්න



මාක් 12:35
12 හුවමාරු යොමු  

ඒ පැයේදී යේසුස්වහන්සේ පිරිස් අමතමින්, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් කඩු මුගුරු ගෙන නුඹලා මා අල්ලන්නට ආවා ද? දවස්පතා මම දේව මාලිගයේ හිඳ ඉගැන්වූයෙමි. එහෙත් නුඹලා මා අල්ලා ගත්තේ නැත.


යේසුස්වහන්සේ එතැන පසුකර යන කල, අන්ධයින් දෙදෙනෙක් උන්වහන්සේ පස්සේ යමින්, “අපට කරුණා කළ මැනව, දාවිත්ගේ පුත්‍රයාණෙනි” යි මොර ගසන්නට වන්හ.


එතැනින් නික්මුණු උන්වහන්සේ යොර්දානයෙන් එතෙර යුදය පළාතට පැමිණි සේක. යළි යළිත් ජන සමූහයා උන්වහන්සේ වෙත එක්රොක් වූහ. පුරුදු පරිදි උන්වහන්සේ ඔවුනට ඉගැන්වූ සේක.


ඔවුහු යළිත් යෙරුසලමට පැමිණියහ. යේසුස්වහන්සේ දේව මාලිගයේ සක්මන් කරමින් සිටියදී, නායක පූජකවරු, දහම් පඬිවරු හා වැඩිහිටියෝ උන්වහන්සේ වෙත පැමිණ,


දවස්පතා මම දේව මාලිගයේ නුඹලා අතර උගන්වමින් සිටියෙමි; නුඹලා මා අල්ලා ගත්තේ නැත. එනමුත් ශුද්ධ ලියවිලි ඉෂ්ට විය යුතු යැ” යි කී සේක.


දිනපතා උන්වහන්සේ දේව මාලිගයේ ඉගැන්වූ සේක. එහෙත් නායක පූජකවරු, දහම් පඬිවරු, හා ජන ප්‍රධානීහු උන්වහන්සේ මරා දැමීමට සෙවූහ.


දිනක් යේසුස්වහන්සේ දේව මාලිගයේ ජනයාට උගන්වමින් හා ශුභාරංචිය දේශනා කරමින් සිටියදී, නායක පූජකවරු හා දහම් පඬිවරු වැඩිහිටියන් සමඟ පැමිණ,


දිනපතා උන්වහන්සේ දේව මාලිගයේ ඉගැන්වූ සේක්, රැය ගත කිරීමට ඔලීව නම් වූ කන්දට පිටත්ව ගිය සේක.


යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලෝකයට මා කතා කළේ එළිපිට ය. මා හැම විට ඉගැන්නුවේ සියලු යුදෙව්වන් රැස්වන සිනගෝගවලදී හා දේව මාලිගාවේදී ය. රහසිගතව මා කිසිවක් කතා කළේ නැත.


ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන්නේ දාවිත්ගේ වංශයෙන් බවත්, දාවිත් සිටි ගම වන බෙත්ලෙහෙමෙන් බවත් ශුද්ධ ලියවිල්ල කියනවා නො වේ දැ?” යි ඇසූහ.