ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 11:32 - සිංහල කාලීන පරිවර්තනය

‘මිනිසුන්ගෙනි’ යි කීවොත්” (යොහන් සැබවින් ම දිවැසිවරයකු බව මුළු ජනතාව පිළිගෙන තිබූ හෙයින් එසේ කීමට ඔවුහු බිය වූහ.)

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එසේ නම්, ‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කියමු ද?” ජොහන් සැබැවින් ම ‘දිවැසිවරයෙකැ’යි කොයි කවුරුනුත් පිළිගත් බැවින් ඔව්හු සෙනඟට භයින්, “එසේ නොකියමු”යි තීරණය කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එසේ නම්, ‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කියමු ද?” ජොහන් සැබැවින් ම ‘දිවැසිවරයෙකැ’යි කොයි කවුරුනුත් පිළිගත් බැවින් ඔව්හු සෙනඟට භයින්, “එසේ නොකියමු”යි තීරණය කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් මනුෂ්‍යයන්ගෙන්යයි කියමු නම්–යොහන් සැබෑවටම අනාගතවක්තෘ කෙනෙකැයි සියල්ලන් සැලකූ බැවින් සෙනඟට භයවී:

පරිච්ඡේදය බලන්න



මාක් 11:32
15 හුවමාරු යොමු  

එසේ නම් ඔබ ගියේ කුමක් බලන්න ද? දිවැසිවරයකු ද? ඔව්, මා ඔබට කියන්නේ, දිවැසිවරයකුටත් වඩා උතුම් කෙනකු ය කියායි.


ඔහු මරා දැමීමට වුවමනා වුව ද, ඔහු දිවැසිවරයෙකැයි ජනයා සැලකූ නිසා, හෙරෝද් ඔවුනට බය වූයේ ය.


උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මං සොයමින් සිටි නමුදු ඔවුහු ජන සමූහයාට බය වූහ. මන්ද උන්වහන්සේ දිවැසිවරයකු වශයෙන් ජනයා පිළිගෙන තිබූ බැවිනි.


එවිට ඔවුහු තම තමන් අතරේ සාකච්ඡා කරමින්, “ ‘ස්වර්ගයෙනි’ යි කීවොත්, ‘එසේ නම් ඔබ ඔහු විශ්වාස නො කළේ මන්දැ?’ යි ඔහු අසාවි.


එබැවින් ඔවුහු යේසුස්වහන්සේට පිළිතුරු දෙමින්, “අප දන්නේ නැතැ” යි කීහ. යේසුස්වහන්සේ ද පිළිතුරු දෙමින්, “මා මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයක් පිටදැයි මා ද ඔබට කියන්නේ නැතැ” යි පැවසූ සේක.


එම උපමාව තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් දැනගත් ඔවුහු, උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟක් සෙවූහ. එහෙත් ජනයාට බියෙන් ඔවුහු උන්වහන්සේ හැර ඉවත ගියහ.


යොහන් දැහැමි, ශුද්ධ මනුෂ්‍යයකු බව දැන, හෙරෝද් ඔහුට බයව, ඔහු ආරක්ෂා කළ නිසා ය. යොහන්ට සවන් දීමේදී හෙරෝද් මහත් සේ ව්‍යාකූල වූ නමුත්, ප්‍රීතියෙන් ඔහුට සවන් දුන්නේ ය.


එම උපමාව තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් දැනගත් දහම් පඬිවරු හා නායක පූජකවරු ඒ අවස්ථාවේම උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟක් සෙවූහ. එහෙත් ඔවුහු ජනතාවට බය වූහ.


නායක පූජකවරු හා දහම් පඬිවරු උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි සෙවූහ. මන්ද ඔවුහු ජනතාවට බය වූහ.


බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙත ආහ. “යොහන් කිසි අනුහස් ලකුණක් නො දැක්වූවත් මේ තැනැත්තා ගැන ඔහු කී සියල්ල සැබෑ යැ” යි ඔවුහු පැවසූහ.


එවිට ප්‍රධාන ආරක්ෂක නිලධාරියා, සෙසු නිලධාරීන් සමඟ පිටත්ව ගොස්, අපෝස්තුලුවරුන් කැඳවාගෙන ආවේ ය. එහෙත් ජනයා තමනට ගල් ගසතැයි බියෙන් ඔවුහු ඔවුන් කැටිව ආයේ, කිසිදු බලහත්කාරයක් නො පාමිනි.