ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 10:29 - සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, මා උදෙසාත්, ශුභාරංචිය උදෙසාත්, තම ගේ-දොර, සහෝදර-සහෝදරියන් හෝ මව, පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් අත්හළ කවරෙක් වුව ද

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි; මා නිසා ද සුබ අස්න නිසා ද, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි; මා නිසා ද සුබ අස්න නිසා ද, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යේසුස්වහන්සේද: සැබවක් නුඹලාට කියමි–මා නිසාද ශුභාරංචිය නිසාද ගෙය හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මවු හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නුමුත්,

පරිච්ඡේදය බලන්න



මාක් 10:29
13 හුවමාරු යොමු  

මා නිසා ආණ්ඩුකාරයින් හා රජුන් ඉදිරියට ඔබ ඇදගෙන යනු ඇත. ඒ, ඔවුන්ටත්, විජාතිකයින්ටත් සාක්ෂි දරන පිණිසයි.


තවද ගේ-දොර, සහෝදර-සහෝදරියන්, මව හෝ පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් හෝ මගේ නාමය උදෙසා අත්හළ හැම කෙනකුටම ඒ හා සිය ගුණයක් ලැබෙනු ඇත. සදාතන ජීවනය ද උරුම වනු ඇත.


එබැවින් පළමු කොට දෙවියන්වහන්සේගේ රාජ්‍යයත්, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් සොයන්න. එවිට ඒ හැම දේත් ඔබට දෙනු ලැබේ.


මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කරගනී; එහෙත් මා නිසාත්, ශුභාරංචිය නිසාත් සිය ජීවිතය නැති කරගන්නා, එය රැකගනී.


ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ; දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා, ගේ-දොර හෝ භාර්යාව හෝ සහෝදරයන් හෝ මාපියන් හෝ දරුවන් හෝ අත්හළ කවරෙක් වුව ද,


ශුභාරංචිය උදෙසා මා මේ සියල්ල කරන්නේ ශුභාරංචියේ ආශිර්වාදවලට පංගුකාර වන පිණිස ය.


ඔබ මාගේ නාමය උදෙසා ඉවසීමෙන් යුතුව දරා, උසුලා, එහෙත් විඩාවට පත් නො වූ බැව් ද දනිමි.