උන්වහන්සේගේ සළුවේ වාටියට පමණක්වත් අත ගසන්නට ඔවුනට ඉඩ දෙන මෙන් අයැද සිටියහ. උන්වහන්සේට අත ගැසූ සැවොම සුවය ලදහ.
මතෙව් 9:21 - සිංහල කාලීන පරිවර්තනය මන්ද, “උන්වහන්සේගේ සළුවටවත් අත ගැසුවොත් මා සුව වේ යැ” යි ඇය තමාටම කියාගත් බැවිනි. Sinhala New Revised Version එසේ කෙළේ, ‘උන් වහන්සේගේ සළුවට පමණ වත් අත තැබුවහොත් මට සුවය ලැබෙනු ඇතැ’යි ඈ සිතාගත් බැවිනි. Sinhala New Revised Version 2018 එසේ කෙළේ, ‘උන් වහන්සේගේ සළුවට පමණ වත් අත තැබුවහොත් මට සුවය ලැබෙනු ඇතැ’යි ඈ සිතාගත් බැවිනි. Sinhala Revised Old Version මක්නිසාද: උන්වහන්සේගේ සළුවට පමණවත් අතගැසුවොත් මට සුවවන්නේයයි ඈ සිතින් කියාගත්තාය. |
උන්වහන්සේගේ සළුවේ වාටියට පමණක්වත් අත ගසන්නට ඔවුනට ඉඩ දෙන මෙන් අයැද සිටියහ. උන්වහන්සේට අත ගැසූ සැවොම සුවය ලදහ.
මන්ද උන්වහන්සේ බොහෝ දෙනකු සුව කර තිබූ හෙයින්, රෝගීවූවෝ උන්වහන්සේට අත ගසන්නට, පොදි කකා ඉදිරියට තල්ලුවී ආවෝ ය.
උන්වහන්සේගෙන් බලය නික්ම, ඔවුන් හැම සුව කළ බැවින් මුළු ජනකායම උන්වහන්සේට අත ගසන්නට සෙවූහ.
පාවුල්ගේ ස්පර්ශය ලද ලේන්සුවක් හෝ රෙදි කඩක් හෝ වුව ද, රෝගීන් වෙත ගෙන ගිය කල, ඔවුන්ගේ රෝග දුරු විය. යක්ෂාත්මයෝ ද ඔවුන්ගෙන් දුරු වූහ.