“මොවුන් කියන දේ ඔබට ඇහෙනවා දැ?” යි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔව්, මට ඇසේ, “ ‘ළදරුවන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින් ඔබ ප්‍රශංසාව සලසා ඇත’ යන්න කිසි කලෙක ඔබ කියවා නැද්දැ?” යි කී සේක.
මතෙව් 4:7 - සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු කියා ද ලියා තිබේ” යි කී සේක. Sinhala New Revised Version ජේසුස් වහන්සේ ද කතා කොට, “ ‘තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න’ කියාත් ලියා ඇතැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ ද කතා කොට, “ ‘තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න’ කියාත් ලියා ඇතැ”යි වදාළ සේක. Sinhala Revised Old Version යේසුස්වහන්සේද: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේයයි ඔහුට කීසේක. |
“මොවුන් කියන දේ ඔබට ඇහෙනවා දැ?” යි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔව්, මට ඇසේ, “ ‘ළදරුවන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින් ඔබ ප්‍රශංසාව සලසා ඇත’ යන්න කිසි කලෙක ඔබ කියවා නැද්දැ?” යි කී සේක.
එවිට ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත්ව ඇත; මෙය ස්වාමින්වහන්සේම කළ දෙයකි, අපගේ ඇස්වලට එය හරි අරුමයකි’ යන ශුද්ධ ලියවිලි පාඨය ඔබ කෙදිනකවත් කියවා නැද්ද?
එවිට යේසුස්වහන්සේ, “සාතන්, අහක්ව යව. මන්ද, ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පමණක් නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා තිබේ” යි ඔහුට කී සේක.
යේසුස්වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො ව, දෙවියන්වහන්සේගේ මුවින් නික්මෙන හැම වචනයකින්ම ය’ කියා ලියා තිබේ යැ” යි පැවසූ සේක.
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු’ යි කියා ඇතැ” යි පැවසූ සේක.
එසේ නම් අපටවත්, අපේ පියවරුනටවත් දැරිය නො හැකි වූ බර වියගහක් මේ ගෝලයින්ගේ ගෙල මත පැටවීමෙන් දෙවියන්වහන්සේ පරීක්ෂා කිරීමට ඔබ වෙර දරන්නේ ඇයි?
එවිට පේතෘස්, “ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ පරීක්ෂා කිරීමට ඔබ දෙපොළ එකඟ වූයේ කෙසේ ද? අන්න! නුඹේ ස්වාමි පුරුෂයා භූමදාන කළ අය ආපසු දොරකඩටම ඇවිදින්; ඔවුන් නුඹත් එලෙසම ගෙන යනු ඇතැ” යි කීවේ ය.
ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, අපි ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කළ යුතු වෙමු. එසේ කිරීමෙන්, ඔවුහු සර්පයින්ගෙන් විනාශ වූහ.
එහිදී ඔබේ පියවරු මා පරීක්ෂා කරමින්, මා සෝදිසි කර, මා කළ ක්‍රියා, හතළිස් වසරක්ම දුටුවහ.