“තම පියාට හෝ මවට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ; තම පුත්‍රයාට හෝ දියණියට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ.
මතෙව් 4:22 - සිංහල කාලීන පරිවර්තනය එකෙණෙහි ඔවුහු ඔරුවත්, තම පියාත් අත්හැර, උන්වහන්සේ අනුව ගියහ. Sinhala New Revised Version එකෙණෙහි ම ඔව්හු ඔරුව ද පියා ද අත්හැර උන් වහන්සේ අනුව ගියහ. Sinhala New Revised Version 2018 එකෙණෙහි ම ඔව්හු ඔරුව ද පියා ද අත්හැර උන් වහන්සේ අනුව ගියහ. Sinhala Revised Old Version එකෙණෙහිම ඔව්හු ඔරුවද තමුන්ගේ පියාද අත්හැර උන්වහන්සේ අනුව ගියෝය. |
“තම පියාට හෝ මවට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ; තම පුත්‍රයාට හෝ දියණියට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ.
එතැන් සිට ගමන් ගත් උන්වහන්සේ, සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් යන සහෝදරයින් දෙදෙනකු දුටු සේක. ඔවුහු තම පියා වූ සෙබදී සමඟ ඔරුවේ හිඳ, දැල් අලුත්වැඩියා කරමින් සිටියහ. යේසුස්වහන්සේ ඔවුන් ද කැඳවූ සේක.
උන්වහන්සේ යුදෙව්වරුන්ගේ සිනගෝගවල උගන්වමින් ද රාජ්‍යයේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් ද ජනයා අතරේ වූ සියලු රෝග හා ආබාධ සුව කරමින් ද ගලීලය මුළුල්ලේ සැරි සැරූ සේක.
එකෙණෙහිම ඔවුන් කැඳවූ සේක; එවිට ඔවුහු තම පියා වූ සෙබදී හා කුලීකරුවන් ඔරුවේ සිටින්නට හැර, උන්වහන්සේ අනුව ගියහ.
“මා වෙත එන කවරකු වුවත් තම පියාට හෝ මවට හෝ තම භාර්යාවට හෝ දරුවන්ට හෝ සහෝදර සහෝදරියන්ට හෝ වෙනකක් තබා තමාගේම ජීවිතයට ද්වේෂ නො කරන්නේ නම්, ඔහුට මාගේ ගෝලයකු වන්නට බැරි ය.
එබැවින් මෙතැන් පටන් අප, මාංසයට අනුව කිසිවකු සලකන්නේ නැත. වරක් අප ක්‍රිස්තුස්වහන්සේ මාංසයට අනුව සැලකූ නමුදු, තවදුරටත් උන්වහන්සේ ගැන එසේ සලකන්නේ නැත.