අපෝස්තුලුවරු දොළොස් දෙනාගේ නාම මෙසේ ය: පළමුවෙන්, පේතෘස් නමින් හැඳින්වුණු සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ; සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන්;
මතෙව් 4:21 - සිංහල කාලීන පරිවර්තනය එතැන් සිට ගමන් ගත් උන්වහන්සේ, සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් යන සහෝදරයින් දෙදෙනකු දුටු සේක. ඔවුහු තම පියා වූ සෙබදී සමඟ ඔරුවේ හිඳ, දැල් අලුත්වැඩියා කරමින් සිටියහ. යේසුස්වහන්සේ ඔවුන් ද කැඳවූ සේක. Sinhala New Revised Version උන් වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙකු වන සෙබදීගේ පුත් ජාකොබ් ද ඔහු සොහොයුරු ජොහන් ද ඔවුන්ගේ පියා වන සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් එලලනු දැක, ඔවුන් කැඳවා වදාළ සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙකු වන සෙබදීගේ පුත් ජාකොබ් ද ඔහු සොහොයුරු ජොහන් ද ඔවුන්ගේ පියා වන සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් එලලනු දැක, ඔවුන් කැඳවා වදාළ සේක. Sinhala Revised Old Version උන්වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙක් වන සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද තමුන්ගේ පියවූ සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් හරිගස්සනවා දැක, ඔවුන්ට අඬගැසූසේක. |
අපෝස්තුලුවරු දොළොස් දෙනාගේ නාම මෙසේ ය: පළමුවෙන්, පේතෘස් නමින් හැඳින්වුණු සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ; සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන්;
දින හයකට පසු යේසුස්වහන්සේ, පේතෘස් ද යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් ද තමන් හා කැටුව උස් කන්දකට ඔවුන් ගෙන ගිය සේක.
උන්වහන්සේ පේතෘස් හා සෙබදීගේ පුතුන් දෙදෙනා කැටිව ගොස්, ශෝක වන්නටත්, සංවේගී වන්නටත් විය.
(උන්වහන්සේ “ගර්ජනාවේ පුත්‍රයෝ” යන අරුතින් බෝවනර්ගස් යන නම දුන්) සෙබදීගේ පුත්‍රයෝ වන යාකොබ් හා යාකොබ්ගේ සහෝදර යොහන්,
පේතෘස්, යාකොබ් හා යාකොබ්ගේ සහෝදර යොහන් හැර අන් කිසිවකුට තමන් සමඟ ඒමට උන්වහන්සේ ඉඩ නො දුන් සේක.
සීමොන් පේතෘස් ද දිදිමුස් නම් තෝමස් ද ගලීලයේ කානාහි නතානියෙල් ද සෙබදීගේ පුත්‍රයින් ද තවත් ගෝලයින් දෙදෙනෙක් ද එක්ව සිටියදී,