මතෙව් 27:53 - සිංහල කාලීන පරිවර්තනය ඔවුහු තම සොහොන්වලින් පිටතට අවුත්, යේසුස්වහන්සේගේ නැගිටීමෙන් පසු, ශුද්ධ නගරයට ඇතුල්ව බොහෝ දෙනකුට පෙනුණහ. Sinhala New Revised Version උන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළු ව, බොහෝ දෙනෙකුට පෙනුණාහ. Sinhala New Revised Version 2018 උන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළු ව, බොහෝ දෙනෙකුට පෙනුණාහ. Sinhala Revised Old Version ඔව්හු උන්වහන්සේ නැගුටුණු පසු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුල්ව, බොහෝ දෙනෙකුට පෙනුණේය. |
එහෙත් මාලිගයෙන් පිටත මළුව මනින්න එපා; එය අතහරින්න; මන්ද එය අන්‍ය-ජාතීන්ට දී තිබේ. ඔවුන් ශුද්ධ නගරය හතළිස් දෙමාසයක් පයින් පාගා දමනු ඇත.
තම ස්වාමි පුරුෂයාණන් උදෙසා සරසවන ලදුව, මනාලියක සේ සූදානම් කරන ලද ශුද්ධ පුරවරය වන අලුත් යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මම දුටිමි.
යමෙක් මේ දිවැස් වැකි පොතේ වචන ඉවත් කරත් නම්, මේ පොතේ සඳහන් ජීවන වෘක්ෂයෙන් හා ශුද්ධ පුරවරයෙන් ඔහුගේ පංගුව දෙවියන්වහන්සේ ඔහුගෙන් ඉවත් කරනු ඇත.