දින හයකට පසු යේසුස්වහන්සේ, පේතෘස් ද යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් ද තමන් හා කැටුව උස් කන්දකට ඔවුන් ගෙන ගිය සේක.
මතෙව් 26:37 - සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ පේතෘස් හා සෙබදීගේ පුතුන් දෙදෙනා කැටිව ගොස්, ශෝක වන්නටත්, සංවේගී වන්නටත් විය. Sinhala New Revised Version උන් වහන්සේ පේදුරු ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනා ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ ශෝක වන්ටත්, සන්තාප වන්ටත් පටන්ගත් සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේ පේදුරු ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනා ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ ශෝක වන්ටත්, සන්තාප වන්ටත් පටන්ගත් සේක. Sinhala Revised Old Version උන්වහන්සේ පේතෘස්ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනාද කැඳවාගෙන ගොස්, ශෝකවෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන්ගත්සේක. |
දින හයකට පසු යේසුස්වහන්සේ, පේතෘස් ද යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් ද තමන් හා කැටුව උස් කන්දකට ඔවුන් ගෙන ගිය සේක.
ඉන්පසු සෙබදීගේ පුත්‍රයන්ගේ මව තම පුතුන් දෙදෙනා සමඟ උන්වහන්සේ වෙත පැමිණ, දණින් වැටී උන්වහන්සේගෙන් වරයක් ඉල්ලුවා ය.
යේසුස්වහන්සේ ගලීල මුහුදු වෙරළේ ඇවිද යන අතරේ, පේතෘස් නම් සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ යන සහෝදරයින් දෙදෙනකු දුටු සේක. මුහුදේ දැලක් හෙළමින් සිටි ඔවුහු මසුන් අල්ලන්නන් වූහ.
එතැන් සිට ගමන් ගත් උන්වහන්සේ, සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් යන සහෝදරයින් දෙදෙනකු දුටු සේක. ඔවුහු තම පියා වූ සෙබදී සමඟ ඔරුවේ හිඳ, දැල් අලුත්වැඩියා කරමින් සිටියහ. යේසුස්වහන්සේ ඔවුන් ද කැඳවූ සේක.
පේතෘස්, යාකොබ් හා යාකොබ්ගේ සහෝදර යොහන් හැර අන් කිසිවකුට තමන් සමඟ ඒමට උන්වහන්සේ ඉඩ නො දුන් සේක.
සිත් සන්තාපයෙන් යුතුව උන්වහන්සේ වඩාත් ලැදියාවෙන් යාච්ඤා කළ සේක්, උන්වහන්සේගේ ඩාදිය මහත් ලේ බිඳු මෙන් බිම ඇද හැලිණි.
“දැන් මගේ සිත කැලඹිලා; මම කුමක් කියම් ද? ‘පියාණෙනි, මේ පැයෙන් මා මුදා ගන්නැ’ යි කියන්න ද? නැත; මේ පැයට මා පැමිණියේ මේ අරමුණින්මයි.