මතෙව් 26:12 - සිංහල කාලීන පරිවර්තනය මෙම විලවුන් මා සිරුරේ වත් කිරීමෙන් ඇය කළේ, භූමදානයට මා සූදානම් කිරීමයි. Sinhala New Revised Version ඇය මේ විලේපනය මාගේ සිරුරේ වත් කෙළේ අවමංගල්‍යය සඳහා මා සූදානම් කරන පිණිස ය. Sinhala New Revised Version 2018 ඇය මේ විලේපනය මාගේ සිරුරේ වත් කෙළේ අවමංගල්‍යය සඳහා මා සූදානම් කරන පිණිස ය. Sinhala Revised Old Version ඈ මේ තෙල මාගේ ශරීරයේ වත්කළේ මා තැන්පත්කිරීමට සූදානම් කරන පිණිසය. |
සබත නිම වූ පසු ගොස්, උන්වහන්සේ ආලේප කරන පිණිස, මග්දලාහි මරියා, යාකොබ්ගේ මව වූ මරියා හා සලෝමි සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ.
ඉන්පසු ආපසු ගිය ඔවුහු, සුවඳ ද්‍රව්‍ය හා විලේපන පිළියෙල කළෝ ය. එහෙත් සබතේදී ඔවුහු ආඥාව පරිදි විවේක ගත්හ.
යේසුස්වහන්සේ කතා කරමින්, “ඇයට කරදර කරන්න එපා; මගේ භූමදාන දවස දක්වා ඇය එය තබා ගත්තා වේ.