ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 23:35 - සිංහල කාලීන පරිවර්තනය

මෙසේ, ධර්මිෂ්ඨ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත්, පූජාසනයටත්, අතරදී නුඹලා විසින් මරා දමන ලද බරාකියාගේ පුත් සෙකරියාගේ ලේ දක්වා, පොළෝ තලය මත මරා දමන ලද සියලු ධර්මිෂ්ඨයින්ගේ ලේවල වරද නුඹලා පිටට එනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ මිහි පිට අහිංසක වූ ආබෙල් පටන්, ශුද්ධස්ථානය හා පූජාසනය අතර ඔබ විසින් මරන ලද බරාකියාගේ පුත් සෙකරියා දක්වා, සියලු අහිංසකයන් මැරීමේ විපාකය ඔබ පිට පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ මිහි පිට අහිංසක වූ ආබෙල් පටන්, ශුද්ධස්ථානය හා පූජාසනය අතර ඔබ විසින් මරන ලද බරාකියාගේ පුත් සෙකරියා දක්වා, සියලු අහිංසකයන් මැරීමේ විපාකය ඔබ පිට පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙසේ ධර්මිෂ්ඨවූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ නුඹලා විසින් මරනලද බරාකියාගේ පුත්‍රවූ සකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවනලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ නුඹලා පිටට පැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 23:35
22 හුවමාරු යොමු  

එසේය, ආබෙල්ගේ ලේ පටන් පූජාසනයටත්, ශුද්ධස්ථානයටත් අතරදී මරා දැමුණු සෙකරියාගේ ලේ දක්වා මේ පරම්පරාව වගකිව යුතු බව මම ඔබට කියමි.


“මේ නාමයෙන් ජනතාවට නූගන්වන ලෙස අපි නුඹලාට තරයේම නියෝග කළෙමු. එහෙත් නුඹලා, නුඹලාගේ ඉගැන්වීම්වලින් මුළු යෙරුසලම් නගරයම පුරවා, මේ මිනිසාගේ ලේ ගැන අප වරදකරුවන් කරන්නට අදහස් කරති” යි කීවේ ය.


කායින්ට වඩා උතුම් පූජාවක් ආබෙල් දෙවියන්වහන්සේට ඔප්පු කළේ ඇදහිල්ලෙනි. එමඟින් ඔහු ධර්මිෂ්ඨයකු ලෙස පිළිගැනුණේ, දෙවියන්වහන්සේ ඔහුගේ දීමනාව පිළිගනිමින් ඔහු අනුමත කළ කල්හි ය; මිය ගොස් ඇති නමුදු, ඒ ඇදහිල්ලෙන් ඔහු තවමත් කතා කරයි.


අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් වූ යේසුස්වහන්සේ වෙතට ය; ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේ වෙතට ය.


දිවැසිවරුන්ගේ හා ශුද්ධවතුන්ගේ ද පොළොව පිට මරා දමන ලද සැමගේ ද ලේ, ඇය තුළ තිබෙනු සම්භ වීය.”