ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 22:46 - සිංහල කාලීන පරිවර්තනය

වචනයකින් හෝ උන්වහන්සේට පිළිතුරු දෙන්නට කිසිවකුට නුපුළුවන් විණි. එතැන් පටන් තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො විණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එක වචන මාත්‍රයකින් වත් උන් වහන්සේට පිළිතුරු දීමට කිසිවෙකුට නොහැකි විය. එදා පටන් උන් වහන්සේගෙන් තවත් ප්‍රශ්න අසන්න කිසිවෙකුට ධෛර්යය නොතිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එක වචන මාත්‍රයකින් වත් උන් වහන්සේට පිළිතුරු දීමට කිසිවෙකුට නොහැකි විය. එදා පටන් උන් වහන්සේගෙන් තවත් ප්‍රශ්න අසන්න කිසිවෙකුට ධෛර්යය නොතිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේට වචනයක්වත් කියා උත්තරදෙන්ට කිසිවෙකුට නුපුළුවන්විය, එදා පටන් උන්වහන්සේගෙන් තවත් ප්‍රශ්න අසන්ට කිසිවෙකුට ධෛර්ය තිබුණෙත් නැත.

පරිච්ඡේදය බලන්න



මතෙව් 22:46
12 හුවමාරු යොමු  

එබැවින් ඔවුහු යේසුස්වහන්සේට පිළිතුරු දෙමින්, “අප දන්නේ නැතැ” යි කීහ. එවිට උන්වහන්සේ ද “මා මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයක් පිට ද කියා මාත් ඔබට කියන්නේ නැතැ” යි කී සේක.


මෙසේ දාවිත් ම උන්වහන්සේට ස්වාමින්වහන්සේ ය කියනවා නම්, උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ?” යි ඇසූ සේක.


ඔහු ප්‍රඥාවත්ව උත්තර දුන් බව දුටු යේසුස්වහන්සේ, “ඔබ සිටින්නේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඈතින් නො වේ” යි පැවසූ සේක. එතැන් පටන් තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො වීය.


ඒ කතාවට උන්වහන්සේගේ එදිරිවාදි සියල්ලෝ ලජ්ජාවට පත් වූහ. එහෙත් පොදු ජනයා, උන්වහන්සේ විසින් කරන ලද මහිමාන්විත දෑ ගැන මහත් සතුටට පත් වූහ.


එහෙත් ඔවුහු නිහඬව සිටියහ. එබැවින් උන්වහන්සේ ඒ මිනිසා අතින් අල්ලා, ඔහු සුව කර, එතැනින් පිටත් කර යැවූ සේක.


ඊට උත්තර දෙන්නට ඔවුන්ට නො හැකි විය.


තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො වීය.


සුවය ලද මිනිසා ද ඔවුන් පසෙක සිටිනු දුටු බැවින්, විරුද්ධව යමක් කියන්නට ඔවුනට හැකි නො වීය.


‘ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ මම ය.’ මෝසෙස් වෙවුලන්නට වී, තවත් ඒ දෙස බලන්නටත් බය විය.