මතෙව් 22:28 - සිංහල කාලීන පරිවර්තනය මරණින් නැවත නැගිටීමේදී ඈ මේ හත්දෙනාගෙන් කාගේ භාර්යාව වන්නී ද? මන්ද ඒ සැවොම ඇය විවාහ කර ගත් බැවිනැ” යි කීහ. Sinhala New Revised Version ඒ හැම දෙනා ම ඇය පාවාගත් හෙයින් පුනරුජ්ජීවනයේ දී ඈ ඒ සත් දෙනාගෙන් කාගේ භාර්යාව වන්නී ද?” Sinhala New Revised Version 2018 ඒ හැම දෙනා ම ඇය පාවාගත් හෙයින් පුනරුජ්ජීවනයේ දී ඈ ඒ සත් දෙනාගෙන් කාගේ භාර්යාව වන්නී ද?” Sinhala Revised Old Version සියල්ලන්ම ඈ සරණ පාවාගත් හෙයින්, නැවත–නැගිටීමේදී ඈ ඒ සත්දෙනාගෙන් කාගේ භාර්යාව වන්නීදැයි ඇසුවෝය. |
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ වරද්දාගෙන ඇත්තේ, ශුද්ධ ලියවිලිවත්, දෙවියන්වහන්සේගේ බලයවත් නො දන්නා නිසයි.