මතෙව් 20:3 - සිංහල කාලීන පරිවර්තනය “තුන් වන පැයේ පමණ පිටතට ගිය ඔහු වැඩක් නැතිව කඩ-මණ්ඩියේ සිටගෙන සිටි තවත් අය දැක, Sinhala New Revised Version උදේ නවයට පමණ ඔහු පිටත් ව ගොස්, කඩමණ්ඩියේ වැඩක් නැති ව සිටි තවත් අය දැක, Sinhala New Revised Version 2018 උදේ නවයට පමණ ඔහු පිටත් ව ගොස්, කඩමණ්ඩියේ වැඩක් නැති ව සිටි තවත් අය දැක, Sinhala Revised Old Version ඔහු තුන්වෙනි පැය පමණේදීත් පිටත්ව ගොස්, වෙළඳාම්පළේ නිකම් සිටින තවත් අය දැක: |
එවිට ඇගේ හාම්පුත්තු, ලාභ ඉපැයීමේ තම බලාපොරොත්තු ගිලිහී ගිය බැව් දැක, පාවුල් හා සීලස් බලෙන්ම අල්ලා, වෙළඳ පොළට ඇදගෙන ගොස්, නිසි බලධාරීන් වෙත පැමිණ වූහ.
ඒ හැර ඔවුහු අලසව කල් මැරීමටත්, ගෙන් ගෙට යෑමටත් පුරුදුව, අලසයින් වෙනවා පමණක් නො ව, ඕපාදූප කාරියන් ද නො කිව යුතු දෑ පවසමින් අනුන්ගේ වැඩට ඇඟිලි ගසන්නියන් ද වෙති.
ඒ, ඔබ අලසයින් නො වී, ඇදහිල්ලත්, ඉවසීමත් මඟින් පොරොන්දු උරුම කරගන්නවුන්ගේ ආදර්ශය අනුගමන කරන පිණිස ය.