ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 2:22 - සිංහල කාලීන පරිවර්තනය

එහෙත් හෙරෝද්ගේ පුත් අර්කෙලාවුස් සිය පියාගේ තැන ගෙන යුදයේ රජකම් කරන බැව් අසා, එහි යෑමට බිය වූ ඔහු සිහිනයකින් අවවාද ලැබ, ගලීල පළාතට අහක්ව ගොස්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, අර්කෙලාවුස් සිය පිය වූ හෙරොද් වෙනුවට ජුදා දේශයේ රජකම් කරන බව අසා, ඔහු එහි යන්න බිය ව, සිහිනයකින් දන්වනු ලැබ ගලීලයේ පෙදෙස්වලට ගොස්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, අර්කෙලාවුස් සිය පිය වූ හෙරොද් වෙනුවට ජුදා දේශයේ රජකම් කරන බව අසා, ඔහු එහි යන්න බිය ව, සිහිනයකින් දන්වනු ලැබ ගලීලයේ පෙදෙස්වලට ගොස්,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙත් අර්කෙලාවුස් තමාගේ පියවූ හෙරොද් වෙනුවට යුදය කෙරෙහි රජකම්කරන බව ඔහු අසා, එහි යන්ට භයව, දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ගලීලයේ පළාත්වලට ගොස්,

පරිච්ඡේදය බලන්න



මතෙව් 2:22
18 හුවමාරු යොමු  

එහෙත් ඔහු ඒ ගැන කල්පනා කළ විට, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිහිනෙන් ඔහුට පෙනී, “යෝසෙප්, දාවිත්ගේ පුත්‍රය, ඔබේ භාර්යාව වන මරියා ආවාහ කර ගන්නට බය නො වන්න. මන්ද ඇය දරා සිටින ගැබ ශුද්ධාත්මයාණන් මඟින් වූවකි.


හෙරෝද් රජුගේ කාලයේ, යුදයේ බෙත්ලෙහෙමේ යේසුස්වහන්සේ උපන් පසු, මෙන්න! පෙරදිග සිට පඬිවරු යෙරුසලමට පැමිණ,


හෙරෝද්ගේ මරණින් පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් ඊජිප්තුවේදී යෝසෙප්ට සිහිනයකින් පෙනී,


එවිට ඔහු නැගිට, දරුවාත් ඔහුගේ මවත් කැඳවාගෙන, ඉශ්‍රායෙල් දේශයට ගියේ ය.


එකල යේසුස්වහන්සේ ගලීලයේ සිට යොර්දානයට පැමිණ, යොහන්ගෙන් බව්තීස්මය ලැබූ සේක.


ස්වාමින්වහන්සේගේ නීතියට අදාළ වත් පිළිවෙත් පැවැත්වූ ඔවුහු තමන්ගේ ගම වන ගලීලයේ නාසරෙත් වෙත ආපසු ගියහ.


“ඔබත් ගලීලයෙක් ද? ලියවිලි කියවා බලන්න. ගලීලයෙන් දිවැසිවරයකු නො එන බව එවිට ඔබටත් වැටහේවි” යි ඔවුහු පිළිතුරු දුන්හ.