මතෙව් 2:18 - සිංහල කාලීන පරිවර්තනය “වැලපීමක, මහා විලාපයක හඬක්, රාමාහි ඇසිණ, රාඛෙල් ඇගේ දරුවන් ගැන වැලපෙන්නී, තවත් උන් නැති නිසා, සැනසෙන්නට නො කැමති වූවා ය.” Sinhala New Revised Version “හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි. රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින්, ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් ලැබීමට අකමැති වූවා ය.” Sinhala New Revised Version 2018 “හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි. රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින්, ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් ලැබීමට අකමැති වූවා ය.” Sinhala Revised Old Version අනාගතවක්තෘවූ යෙරෙමියා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවිය. |
සියල්ලන්ම සිටියේ ඈ ගැන හඬමිනි; වැලපෙමිනි. “ඔය හැඬීම නවත්වන්න. ඈ නිදනවා විනා මැරී නැතැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක.
මා බලා සිටියදී ඉහළ අහසේ පියාසර කරමින් සිටි රාජාලියකු උස් හඬින් මෙසේ මොර ගසනු මට ඇසිණි. “දේව දූතයින් තුන්දෙනා පිඹින්නට යන අනෙක් හොරණෑ නාද නිසා, මිහි පිට වාසීනට දුක් වේ! දුක් වේ! දුක් වේ!”