උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ග රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ; එහෙත් ඔවුනට දී නැත.
මතෙව් 19:11 - සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ පිළිතුරු දෙමින්, “එය දෙන ලද අයට හැර, හැම කෙනකුටම එය පිළිගත හැකි කීමක් නො වේ. Sinhala New Revised Version එහෙත්, උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “දේව වරමක් ලැබූ අයට මිස, හැම දෙනාට ම මේ ප්‍රතිපත්තිය පිළිපැදිය නොහැකි ය. Sinhala New Revised Version 2018 එහෙත්, උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “දේව වරමක් ලැබූ අයට මිස, හැම දෙනාට ම මේ ප්‍රතිපත්තිය පිළිපැදිය නොහැකි ය. Sinhala Revised Old Version එහෙත් උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පුළුවන්කම ලැබූ අය මිස හැම දෙනාටම මේ කීම පිළිගන්ට බැරිය. |
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ග රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ; එහෙත් ඔවුනට දී නැත.
එවිට උන්වහන්සේගේ ගෝලයෝ, “ස්වාමි පුරුෂයකු හා භාර්යාවක අතර තතු එසේ නම්, විවාහ නො වීම වඩා හොඳ යැ” යි උන්වහන්සේට කීහ.
මන්ද උපතින්ම නපුංසක වූවෝ වෙති. මිනිසුන් විසින් නපුංසක කරන ලද අය ද ස්වර්ග රාජ්‍යය උදෙසා තමන්ම නපුංසකව සිටින අය ද වෙති. මෙය පිළිගත හැකි අය එලෙස පිළිගනිත්වා!” යි පැවසූ සේක.
හැම කෙනකුම ස්වාමින්වහන්සේ එකිනෙකාට පැවරූ ප්‍රකාරයට, තමාට දෙවියන්වහන්සේගේ කැඳවීමට අනුව, ජීවිතය ගෙන යා යුතු ය. සියලු සභා තුළ මාගේ නියෝගය මෙයයි.
එහෙත්, ලිංගික අනාචාරයේ පරීක්ෂාව හේතු කොට හැම මිනිසෙක්ම තමාට භාර්යාවක ඇතිව හා හැම ස්ත්‍රියකම තමාට ස්වාමි පුරුෂයකු ඇතිව සිටිය යුතු ය.
මා මෙසේ කියන්නේ ඔබේම යහපත පිණිස මිස, ඔබට තහංචි පනවන්නට නො වේ; වඩාත් නිසි ලෙස කටයුතු කරමින්, ස්වාමින්වහන්සේට නො බෙදුණු කැපවීමකින් පවතින පිණිස ය.