මතෙව් 18:32 - සිංහල කාලීන පරිවර්තනය “එවිට ඔහු කැඳවූ හාම්පුතා, ‘එම්බා දුෂ්ට දාසය, නුඹ මට කන්නලව් කළ නිසා, නුඹේ සියලු ණය කමා කළෙමි. Sinhala New Revised Version එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, ‘දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි. Sinhala New Revised Version 2018 එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, ‘දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි. Sinhala Revised Old Version එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කථාකොට: නපුරු දාසය, නුඹ මාගෙන් ඉල්ලූ නිසා ඒ ණය සියල්ල ඔබට කමාකෙළෙමි. |
සිදු වූ දේ දුටු අනෙක් දාසයෝ ඉන් දැඩි කම්පාවට පත්ව, ගොස්, සිදු වූ හැම දෙයක්ම ඔවුන්ගේ හාම්පුතාට පැවසූහ.
මා නුඹට දයාව පෑ සේ, නුඹත් නුඹේ සහෝදර දාසයාට දයා කළ යුතුව තිබුණා නො වේ දැ?’ යි පැවසී ය.
“ඔහුගේ හාම්පුතා පිළිතුරු දෙමින්, ‘දුෂ්ට, අලස දාසය! මා නො වපුළ දේ කපා ගන්නා, නො විසිරු බීජ රැස්කරනා කෙනකු වග ඔබ දැන සිටියා ද?
“හාම්පුතා ඔහුට පිළිතුරු දෙමින්, ‘එම්බා දුෂ්ට සේවකය! මා නුඹ විනිශ්චය කරන්නේ නුඹේම වචනවලින්; මා තැන්පත් නො කළ දේ ගන්න, නො වැපුරූ දේ කපා ගන්න තද ගති ඇත්තකු වග නුඹ දැන සිටියා?
දැන් අප දන්නා පරිදි, හැම කටක්ම වහන පිණිස හා මුළු ලෝකයම දෙවියන්වහන්සේට ගණන් දිය යුතු වන පිණිස, දහම් නීතියේ යම් දෙයක් කියයි ද ඒ දෑ කියන්නේ, ඒ නීතිය යටතේ සිටින්නන්ට ය.
මන්ද දයාව නො පෑ තැනැත්තාට විනිශ්චය පැමිණෙන්නේ ද දයා විරහිතව ය. දයාව විනිශ්චය අභිබවා ජය ගනී.