මතෙව් 13:9 - සිංහල කාලීන පරිවර්තනය කන් ඇත්තා අසත්වා!” Sinhala New Revised Version සවන් ඇත්තෝ සවන් දෙත් වා!” Sinhala New Revised Version 2018 සවන් ඇත්තෝ සවන් දෙත් වා!” Sinhala Revised Old Version ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක. |
“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, දෙවන මරණයෙන් අනතුරක් වන්නේ නැත.
“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, සඟවන ලද මන්නා දෙන්නෙමි. ලබන්නා පමණක් මිස, අන් කිසිවකු දැනගනු නො ලබන අලුත් නමක් ලියන ලද සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.
“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, දෙවියන්වහන්සේගේ පාරාදීසයේ ඇති ජීවන වෘක්ෂයෙන් කන්නට වර දෙන්නෙමි.