ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 11:14 - සිංහල කාලීන පරිවර්තනය

ඔබ පිළිගන්නට කැමති නම්, එන්නට සිටි එලියා මොහුයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබ පිළිගන්න කැමැති නම්, එන්න සිටින එලියා මොහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබ පිළිගන්න කැමැති නම්, එන්න සිටින එලියා මොහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලා පිළිගන්ට කැමති නම් එන්ට සිටින එලියා මොහුය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 11:14
12 හුවමාරු යොමු  

මන්ද යොහන් දක්වා සියලු දිවැසිවරු හා දහම් නීතිය, දිවැසි වැකි පළ කළහ.


තවද පියවරුන්ගේ අවධානය දරුවන් වෙත ද අකීකරුවූවන් ධර්මිෂ්ඨ ප්‍රඥාවට ද හැරවීමට එලියාගේ ආත්මයෙන් හා බලයෙන් යුක්තව, ස්වාමින්වහන්සේට යෝග්‍ය ලෙස ජනතාවක් හැඩ ගස්වමින්, ඔහු උන්වහන්සේට පෙරටුවෙන් යනු ඇතැ” යි පැවසී ය.


“ඔබට කියන්නට තවත් බොහෝ දේ මට තියේ. එහෙත් දැන් ඒවා දරන්නට ඔබට නුපුළුවන.


මා ඔබේ පෝෂණයට දුන්නේ කිරි ය; ගන ආහාර නො වේ. මන්ද ඔබ ඒවාට ලැහැස්තිව සිටියේ නැත. දැන් වුව ද, තවමත් ඔබ ඊට ලැහැස්ති නැත.


ඉන්පසු මම සිංහාසන දැක්කෙමි; විනිශ්චය සඳහා ආධිපත්‍යය පවරන ලද්දෝ ඒවායේ හිඳ සිටියහ. තවද යේසුස්වහන්සේ උදෙසා වූ සාක්ෂිය නිසාත්, දෙවියන්වහන්සේගේ වචනය නිසාත් හිස් ගසා දමනු ලැබූවන්ගේ ජීවාත්ම මම දුටිමි. ඔවුන් මෘගයාට හෝ උගේ පිළිරුවට හෝ නමස්කාර කර තිබුණේවත්, තමන්ගේ නළලේ හෝ අතේ හෝ උගේ සලකුණ ලබා තිබුණේවත් නැත. ඔවුහු යළි ජීවනයට පැමිණ, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළහ.