ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 8:2 - සිංහල කාලීන පරිවර්තනය

මන්ද ජීවනයේ ආත්මයාණන්ගේ නීතිය, පාපයේ හා මරණයේ නීතියෙන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ, ඔබ නිදහස් කර ඇති බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ ජීවනදායක ආත්මයාණන්ගේ ආධ්‍යාත්මික ප්‍රතිපත්ති, පාපයේ හා මරණයේ නියමයෙන් ඔබ නිදහස් කර ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ ජීවනදායක ආත්මයාණන්ගේ ආධ්‍යාත්මික ප්‍රතිපත්ති, පාපයේ හා මරණයේ නියමයෙන් ඔබ නිදහස් කර ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.

පරිච්ඡේදය බලන්න



රෝම 8:2
29 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඇය අමතමින්, “දෙවියන්වහන්සේ ඔබට පිළිගන්වන දීමනාව කුමක් ද කියාත්, ඔබෙන් දිය ඉල්ලන්නේ කවුරුන් ද කියාත් ඔබ දැන සිටියා නම්, ඔහුගෙන් ඉල්ලන්නේ ඔබයි. එවිට ඔහු ඔබට ජීවන දිය දෙන්නට තිබුණා” යි කී සේක.


එනමුත්, මා දෙන දිය බොන කෙනකුට නැවත පිපාසය ඇති නො වේ. මා දෙන දිය බොන ඇත්තන් තුළ සදාතන ජීවන උල්පත් මැවෙන්නේ යැ” යි පැවසූ සේක.


ජීවනය දෙන්නේ ආත්මයාණෝයි. මාංසය ප්‍රයෝජනවත් නො වේ. මා ඔබට පැවසූ වචන ආත්මය හා ජීවනයයි.


එවිට ඔබ සත්‍යය දැන ගන්නවා ඇත; ඒ සත්‍යය ඔබ නිදහස් කරනු ඇතැ” යි පැවසූ සේක.


එබැවින් පුත්‍රයා ඔබ නිදහස් කරයි නම්, ඔබ සැබවින් ම නිදහස් වෙයි.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මගේ හවුල් සේවකයින් වූ ප්‍රිස්කා හා අකිලාට ආචාර කරන්න.


එසේ නම් අපගේ පුරසාරම කොහේ ද? එය ඉවත් කරනු ලැබ ඇත. ඒ කවර නීතියකින් ද? ක්‍රියාවල නීතියකින් ද? නැත! ඇදහිල්ලේ නීතියෙනි.


එසේ වන්නේ පාපය තුළ මරණය රජකම් කළා සේ ම, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් සදාතන ජීවනය දක්වා ධර්මිෂ්ඨකම මඟින් අනුග්‍රහය ද රජකම් කරන පිණිස ය.


මන්ද ඔබ දහම් නීතිය යටතේ නො ව, අනුග්‍රහය යටතේ සිටින බැවින්, පාපයට ඔබ කෙරේ ස්වාමිකත්වයක් නැත.


පාපයෙන් නිදහස් කරනු ලැබ, ධර්මිෂ්ඨකමේ වහලුන් බවට පත්ව සිටිති.


එහෙත් දැන් පාපයෙන් නිදහස් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වහලුන් බවට ඔබ පත්ව ඇත. ඔබට ඉන් ලැබෙන පලය ශුද්ධවත් භාවයයි. එහි කෙළවර සදාතන ජීවනයයි.


මෙසේ, යහපත කරන්නට මට ඕනෑ කරන හැම විට, නපුර අත ළඟම ලැග සිටීමේ නීතියක් ක්‍රියාත්මක බැව් මට පෙනේ.


එහෙත් මගේ මනසේ නීතියට එරෙහිව මගේ ඉන්ද්‍රියයන් තුළ වෙනත් නීතියක් යුද වැද, මගේ ඉන්ද්‍රියයන් තුළ වෙසෙන පාපයේ නීතියට මා වසඟ කරවනු මට පෙනේ.


මා සහෝදරයිනි, එපරිදිම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය හේතු කොට ඔබත් දහම් නීතියට මැරුණහ; එසේව ඇත්තේ දෙවියන්වහන්සේට අප පල දරන පිණිස, මළවුන්ගෙන් නැගිටුවන ලද කෙනකු වන වෙනත් කෙනකුට ඔබ බැඳී සිටින පිණිස ය.


එබැවින් දැන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නවුන් දඬුවමට පත් කිරීමක් නැත.


මෙසේ ලියා ඇති පරිදි: “පළමු මිනිසා, ආදම් ජීවමාන පුද්ගලයෙක් විය. අවසාන ආදම් ජීවනදායක ආත්මයක් විය.”


ඒ ස්වාමින්වහන්සේ, ආත්මයාණන්වහන්සේ ය. මෙසේ ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් තැනක ද, එතැන නිදහස ඇත.


අලුත් ගිවිසුමක සේවකයින් ලෙසට අප සමත් කළේ උන්වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත එකක් නො ව ආත්මයාණන්ගෙනි. මන්ද ලේඛනය මරා දමන්නේ ය; ආත්මයාණෝ ජීවත් කරවන සේක.


“මන්ද දහම් නීතිය කරණකොටගෙන මා දහම් නීතියට මැරුණේ දෙවියන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.


ක්‍රිස්තුස්වහන්සේ අප නිදහස් කළේ නිවහල්ව සිටීමට ය. එබැවින් ස්ථාවරව සිටගන්න; වහල් බවේ වියගහට යළි යට නො වන්න.


එකිනෙකාගේ බර ඉවසා දරා ගැනීමෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය ඉෂ්ට කරන්න.


එහෙත්, සම්පූර්ණ නීතිය වන නිදහසේ නීතිය නිරීක්ෂණ කරමින්, අමතක කරන අසන්නකු නො වී, ඒවා දිගටම අභ්‍යාස කරන්නා, තමන් කරන දෙයින්ම ආශිර්වාද ලබයි.


එහෙත්, ඒ දවස් තුනහමාරට පසු, දෙවියන්වහන්සේගෙන් ජීවන හුස්ම ඔවුන් තුළට ඇතුළු වුණෙන්, ඔවුහු දෙපයින් නැගී සිටගත්හ; ඒ දුටුවන් පිට මහා භීතියක් පතිත විය.


ඉන්පසු දේව දූතයා මට පෙන්වූ ජීවන දිය ගංගාව, පළිඟු මෙන් දිළිසෙමින් දෙවියන්වහන්සේගේ හා බැටළු පැටවාණන්ගේ සිංහාසනය වෙතින් ගලා ගියේ,