ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 3:7 - සිංහල කාලීන පරිවර්තනය

මාගේ අසත්‍ය තුළින් දෙවියන්වහන්සේගේ සත්‍යය, වඩා ඉස්මතු වී, එය උන්වහන්සේගේ තේජෝමහිමයට හේතු වේ නම්, මා පව්කරුවෙකැයි තවමත් තීන්දු කරන්නේ මන්ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉතින්, මාගේ අසත්‍යය නිසා දෙවියන් වහන්සේගේ සත්‍යය වඩාත් කැපී පෙනී, එය උන් වහන්සේගේ ගෞරවයට ඉවහල් වේ නම්, මා පව්කරුවෙකැ යි තීන්දු කරන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉතින්, මාගේ අසත්‍යය නිසා දෙවියන් වහන්සේගේ සත්‍යය වඩාත් කැපී පෙනී, එය උන් වහන්සේගේ ගෞරවයට ඉවහල් වේ නම්, මා පව්කරුවෙකැ යි තීන්දු කරන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් මාගේ බොරුව කරණකොටගෙන දෙවියන්වහන්සේගේ මහිමය පිණිස උන්වහන්සේගේ සැබෑකම වැඩිවූයේ නම් මමත් මක්නිසා පව්කාරයෙකු මෙන් තවත් විනිශ්චයකරනු ලබම්ද?

පරිච්ඡේදය බලන්න



රෝම 3:7
17 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්. “සැබවින් ම මා ඔබට කියන්නේ, අද මේ රැයේ, කුකුළා හඬලන්නට පළමු මා හඳුනන්නේ නැතැයි ඔබ තුන් වතාවක්ම කියනු ඇතැ” යි පැවසූ සේක.


දෙවියන්වහන්සේගේ නියත සැලැස්මක් හා උන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව බාර දෙනු ලැබූ මෙම යේසුස්වහන්සේ, නුඹලා නීතියක් නැති මිනිසුන්ගේ අත්වලින් කුරුසියේ ඇණ ගසා, මරා දැමූහ.


කොහොමටවත් නැත! ලියා ඇති පරිදි හැම කෙනකුම බොරුකරුවකු වුවත්, දෙවියන්වහන්සේ සත්‍යවාදී වග පෙනේවා: “ඔබ පවසන වදනින්, ඔබේ දමිටුකම ප්‍රකාශ වේ. ඔබ විනිශ්චය කරනු ලබන කල, ජය ඔබට අත් වේ.”