මෝසෙස්ගේ දහම් නීතිය මඟින් හැම දෙයක් සඳහාම ධර්මිෂ්ඨ කරනු ලැබීම ලැබිය නො හැකි නමුදු, මුන්වහන්සේ අදහා ගන්නා සෑම කෙනකුම ඒ තුළින් ධර්මිෂ්ඨ කරනු ලබති.
රෝම 3:20 - සිංහල කාලීන පරිවර්තනය මන්ද දහම් නීතියේ ක්‍රියා මඟින් කිසි මිනිසකු උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරනු ලබන්නේ නැත. දහම් නීතිය මඟින් කෙරෙන්නේ පාප අවබෝධය ගෙන ඒම ය. Sinhala New Revised Version ඊට හේතුව මේ ය; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසි ම මනුෂ්‍යයෙක් දමිටු බවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීම ය. Sinhala New Revised Version 2018 ඊට හේතුව මේ ය; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසි ම මනුෂ්‍යයෙක් දමිටු බවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීම ය. Sinhala Revised Old Version කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ. |
මෝසෙස්ගේ දහම් නීතිය මඟින් හැම දෙයක් සඳහාම ධර්මිෂ්ඨ කරනු ලැබීම ලැබිය නො හැකි නමුදු, මුන්වහන්සේ අදහා ගන්නා සෑම කෙනකුම ඒ තුළින් ධර්මිෂ්ඨ කරනු ලබති.
මන්ද දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයින් වන්නේ දහම් නීතියට සවන් දෙන්නන් නො වේ; ධර්මිෂ්ඨ කරනු ලබන්නේ දහම් නීතිය පිළිපදින්නන් ය.
මන්ද අපේ පිළිගැනීම නම්, කෙනකු ධර්මිෂ්ඨ කරනු ලබන්නේ, දහම් නීති ක්‍රියාවලින් තොරව, ඇදහිල්ල මඟින් බවයි.
මන්ද ආබ්‍රහම්ටත්, ඔහුගේ පෙළපතටත් ලෝකය උරුම වන්නේ ය යන පොරොන්දුව ඔහු ලද්දේ, දහම් නීතිය මඟින් නො ව, ඇදහිල්ල කරණකොටගෙන පැමිණෙන ධර්මිෂ්ඨකම මඟිනි.
මන්ද සැබවින් ම දහම් නීතිය දීමට පෙර සිටම, පාපය ලොවෙහි තිබිණි. එහෙත් නීතිය නැති තැන පාපය ගණන් නො ගැනිණි.
දහම් නීතිය පැමිණියේ අයුතුකම් වැඩි කිරීමට ය. එහෙත්, පාප වැඩිවන්නේ කොතැන ද, එතැන අනුග්‍රහය අතිශයින් බහුල වන්නේ ය.
ඒ ඇයි? ඒ, ඔවුන් ඇදහිල්ල මඟින් නො ව, ක්‍රියා මත පිහිටා කටයුතු කළ බැවිනි. එබැවින් ඔවුහු පැකිළීමේ ගල පිට පැකුළුණහ.
එහෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල මඟින් මිස, දහම් නීතියේ ක්‍රියාවලින් කිසිවකු නිර්දෝෂ කරනු නො ලබන බැව් අපි දනිමු. එබැවින් දහම් නීතියේ ක්‍රියාවලින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල මඟින් නිර්දෝෂ කරනු ලබන පිණිස, අපිත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ අදහා ගත්තෙමු. මන්ද දහම් නීතියේ ක්‍රියා මඟින් කිසිවකු ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන්නේ නැත.
“මන්ද දහම් නීතිය කරණකොටගෙන මා දහම් නීතියට මැරුණේ දෙවියන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.
දහම් නීතිය මඟින් දමිටු කරනු ලබන්නට කැමති ඔබ, ක්‍රිස්තුස්වහන්සේ වෙතින් පිට මං කරනු ලැබ, අනුග්‍රහයෙන් වැටී ගියහු ය.
(මන්ද දහම් නීතිය කිසිවක් පරිපූර්ණත්වයට පත් කරන්නේ නැත.) එහෙත් අනෙක් අතට, දෙවියන්වහන්සේ වෙතට අප ළං කරවන, වඩා හොඳ බලාපොරොත්තුවක් හඳුන්වා දී තිබේ.