ඔවුහු මෙසේ කියමින්, තම ගෝලයින් සමඟ හෙරෝදිවරුන් උන්වහන්සේ වෙත පිටත් කළහ. “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන බවත් අපි දනිමු.
රෝම 2:11 - සිංහල කාලීන පරිවර්තනය මන්ද දෙවියන්වහන්සේ පක්ෂ-බජනයක් දක්වන්නේ නැත. Sinhala New Revised Version දෙවියන් වහන්සේ මිනිසාගේ තරාතිරම් නොබලන සේක. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ මිනිසාගේ තරාතිරම් නොබලන සේක. Sinhala Revised Old Version මක්නිසාද දෙවියන්වහන්සේ තරාතිරම් නොබලනසේක. |
ඔවුහු මෙසේ කියමින්, තම ගෝලයින් සමඟ හෙරෝදිවරුන් උන්වහන්සේ වෙත පිටත් කළහ. “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන බවත් අපි දනිමු.
මෙසේ ඔවුහු උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, ඔබතුමා ඇත්ත කතා කරන, උගන්වන කෙනකු බවත්, තරාතිරම් නො තකා, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන වගත් අප දන්නවා.
එවිට කතාව ඇරඹූ පේතෘස්, “දෙවියන්වහන්සේ පක්ෂග්‍රාහී නො වන වග, සත්තකින්ම මට දැන් වැටහේ. තවද
ප්‍රධානීන් සේ සැලකුණු අය, (ඔවුන් කවර තත්වයක් දැරුව ද මට එහි වෙනසක් නැත. දෙවියන්වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් තකන්නේ නැත.) ප්‍රධානීන් සේ සැලකුණා යයි මා කී අය මගේ පණිවුඩයට කිසිවක් එකතු කළේ නැත.
හාම්පුතුනි, ඔබත්, ඔබේ දාස දාසීනට එපරිද්දෙන් සලකන්න. ඔවුන්ට තර්ජනය නො කරන්න. මන්ද, ඔවුන්ගේ ද ඔබගේ ද ස්වාමියාණන් ස්වර්ගයේ සිටින බැව් ඔබ දනී. උන්වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නො තකන සේක.
අපක්ෂපාතීව, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නා වූ තැනැන්වහන්සේට පියාණෙනියි ඔබ අමතන්නේ නම්, ඔබගේ විදේශීව සිටින කාලය පුරා ගෞරව භයින් යුතුව පැවත සිටින්න.