රෝම 16:4 - සිංහල කාලීන පරිවර්තනය මාගේ ජීවිතය උදෙසා තම ගෙල පරදුවට තැබූ ඔවුන්ට මා පමණක් නො ව, අන්‍ය-ජාතික සියලු සභා කෘතඥ වෙති. Sinhala New Revised Version මා පමණක් නොව, සියලු විජාතික සභාවෝ ද ඔවුන්ට කෘතඥතාව දක්වති. Sinhala New Revised Version 2018 මා පමණක් නොව, සියලු විජාතික සභාවෝ ද ඔවුන්ට කෘතඥතාව දක්වති. Sinhala Revised Old Version මා පමණක් නොව අන්‍යජාතීන්ගේ සියලු සභාවෝද ඔවුන්ට ස්තුතිකරති. |
මුළු යුදය, ගලීලය හා සමාරිය යන පෙදෙස් පුරා සභාවට සාමකාමී කාලයක් උදා විණි. සභාව ශුද්ධාත්මයාණන්ගේ අනුබලය ලබමින්, ස්වාමින්වහන්සේ වෙත බය භක්තියෙන් ද ගණනින් වැඩෙමින් ද ගොඩ නැගුණේ ය.
ඔවුන්ගේ නිවසේ රැස්වන සභාවටත් ආචාර කරන්න. ආසියාවෙන් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරුණු ප්‍රථමයා වන මා ප්‍රේමණීය එපිනතස්ට ආචාර කරන්න;
දැහැමි මිනිසකු උදෙසා වුව මැරෙන්නට කෙනකු හමුවන්නේ කලාතුරකිනි. ඇතැම් විට, සද්ගුණවත් කෙනකු උදෙසා මැරෙන්නට කෙනකු ධෛර්යවත් වනු ඇත.
හැම කෙනකුම ස්වාමින්වහන්සේ එකිනෙකාට පැවරූ ප්‍රකාරයට, තමාට දෙවියන්වහන්සේගේ කැඳවීමට අනුව, ජීවිතය ගෙන යා යුතු ය. සියලු සභා තුළ මාගේ නියෝගය මෙයයි.
මන්ද ඔබ විසින් දිය නො හැකි වූ සහාය මට දෙන්නට ඔහු සිය ජීවිතය පවා පරදුවට තබමින්, ක්‍රිස්තුස්වහන්සේගේ සේවය නිසා මරණයට ඒ සා ළං වූයේ ය.
සහෝදරයිනි ඔබ, යුදයෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ සභාවන් අනුකරණය කරන්නන් බවට පත්ව ඇත්තේ එහි සභා, යුදෙව්වන්ගෙන් විඳි හිරිහැරම ඔබත් ඔබගේ රට වැසියන්ගෙන් විඳීමෙනි.
අප ප්‍රේමය හැඳින ගන්නේ මෙයිනි; එනම්, උන්වහන්සේ අප උදෙසා සිය ජීවිතය දීම මඟිනි. අප ද අප සහෝදරයින් උදෙසා ජීවිතය දිය යුතුව ඇත.
යොහන් වෙතින්, ආසියාවේ සභා හත වෙතයි: ඔබට අනුග්‍රහයත්, සාමයත් සිටින්නා වූ, සිටියා වූ, මතු ද සිටින්නා වූ තැනැන්වහන්සේගෙන් ද උන්වහන්සේගේ සිංහාසනය අබියස සිටින ආත්මයාණන් සත් දෙනාගෙන් ද