“මිනිසුන් ඉදිරියේ මා පිළිගන්නා හැම කෙනකුම ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් පිළිගනිමි.
රෝම 14:11 - සිංහල කාලීන පරිවර්තනය මන්ද, “ ‘මා ජීවත්වන්නා සේ ම, හැම දණක්ම මට නමන්නේ ය; හැම දිවක්ම මා දෙවියන්වහන්සේ බව ප්‍රකාශ කරන්නේ යැ’ යි” ලියා තිබේ. Sinhala New Revised Version තවද: “මා ජීවත් ව සිටින බව සැබෑ වන්නා සේ ම, හැම දෙනා ම මට දණ නමනු ඇත, හැම දෙනා ම මා දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත. Sinhala New Revised Version 2018 තවද: “මා ජීවත් ව සිටින බව සැබෑ වන්නා සේ ම, හැම දෙනා ම මට දණ නමනු ඇත, හැම දෙනා ම මා දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත. Sinhala Revised Old Version මක්නිසාද: මා ජීවත්ව සිටිනු සැබෑවා සේම සෑම දණහිස් මට නමන්නේය, සෑම දිව්ද දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ. |
“මිනිසුන් ඉදිරියේ මා පිළිගන්නා හැම කෙනකුම ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් පිළිගනිමි.
මන්ද යේසුස්වහන්සේ, ස්වාමින්වහන්සේ යැයි ඔබේ මුවින් ප්‍රකාශ කරන්නේ නම්, දෙවියන්වහන්සේ මළවුන්ගෙන් උන්වහන්සේ නැගිට වූ වග ඔබේ හදවතින් විශ්වාස කරන්නේ නම්, ඔබ ගලවනු ලබනු ඇත.
උන්වහන්සේගේ දයාව නිසා අන්‍ය-ජාතීන් දෙවියන්වහන්සේට තේජෝ මහිමය දෙන පිණිසත් ය; ඒ ගැන ලියා ඇති පරිදි මෙසේ ය: “එබැවින් අන්‍ය-ජාතීන් අතර මම ඔබ පසසමි, ඔබගේ නාමයට ගී ගයන්නෙමි.”
යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බැව් පිළිගන්නා තුළ දෙවියන්වහන්සේ ද උන්වහන්සේ තුළ ඔහු ද පැවත සිටියි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුතුව පැමිණීම නො පිළිගන්නා රැවටිලිකරුවන් බොහෝ දෙනෙක් ලෝකයට පිටත්ව ගොස් සිටිති. රැවටිලිකරුවා ද ව්‍යාජ-ක්‍රිස්තුස් ද මෙවැනි අය ය.