මන්ද ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ ඔබ හැම කෙනෙක්ම ක්‍රිස්තුස්වහන්සේ පැලඳ ගත්හ.
රෝම 13:14 - සිංහල කාලීන පරිවර්තනය ඒ හැර, මාංසයේ තෘෂ්ණා පිනවීමට ඉඩ සලසන්නේ නැතිව, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පැලඳ ගන්න. Sinhala New Revised Version ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න. Sinhala New Revised Version 2018 ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න. Sinhala Revised Old Version නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න. |
මන්ද ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ ඔබ හැම කෙනෙක්ම ක්‍රිස්තුස්වහන්සේ පැලඳ ගත්හ.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේට අයිති වූවෝ, තම මාංසය, එහි තෘෂ්ණා හා ආශා සමඟින් කුරුසියේ තබා ඇණ ගැසූහ.
සැබෑ ධර්මිෂ්ඨත්වයෙන් හා ශුද්ධත්වයෙන් දෙවියන්වහන්සේ හා සමාන වන ලෙස මවන ලද අලුත් මනුෂ්‍යයා පැලඳ ගැනීමටත් ය.
තමන්ම සකස් කර ගත් නමස්කාර පිළිවෙත් මඟින් ද පුහු යටහත්කමින් ද සිරුරට වධ දීමෙන් ද සැදුම් ලත් එම ශික්ෂා-නියෝග පෙනුමට නැණවත් වුව ද, සැබවින් ම මාංසික තෘෂ්ණා මැඩලීමේ කිසි වටිනාකමක් ඒවායේ නැත.
ප්‍රේමණීයයනි, විදේශීන් හා ආගන්තුකයින් වූ ඔබගෙන් මා උදක්ම ඉල්ලා සිටින්නේ ඔබේ ජීවයට එරෙහිව යුද වදින මාංසික තෘෂ්ණාවන්ගෙන් වැළකී සිටින ලෙසයි.