එහෙත් ඔහු තම නිදොස් බව දක්වන්නට කැමතිව, “කවුරු ද මගේ අසල්වැසියා?” යි යේසුස්වහන්සේගෙන් ඇසී ය.
රෝම 10:3 - සිංහල කාලීන පරිවර්තනය මන්ද දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම නො දන්නාකමින්, තම ධර්මිෂ්ඨකම පිහිටුවීමට සෙවූ ඔවුහු, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නො වූහ. Sinhala New Revised Version දමිටු බවට පැමිණීමේ මාර්ගය නොදත් ඔව්හු, තමන්ගේ ම මාර්ගයක් සලසාගැනීමට ප්‍රයත්න දරමින් දමිටු කරනු ලැබීමට යටත් නොවූ හ. Sinhala New Revised Version 2018 දමිටු බවට පැමිණීමේ මාර්ගය නොදත් ඔව්හු, තමන්ගේ ම මාර්ගයක් සලසාගැනීමට ප්‍රයත්න දරමින් දමිටු කරනු ලැබීමට යටත් නොවූ හ. Sinhala Revised Old Version මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය. |
එහෙත් ඔහු තම නිදොස් බව දක්වන්නට කැමතිව, “කවුරු ද මගේ අසල්වැසියා?” යි යේසුස්වහන්සේගෙන් ඇසී ය.
උන්වහන්සේ ඔවුන් අමතමින්, “මිනිසුන් ඉදිරියේ තමන්ම ධර්මිෂ්ඨ කර ගන්නෝ ඔබයි. එහෙත් දෙවියන්වහන්සේ ඔබේ හදවත් දන්නා සේක. මන්ද මිනිසුන් අතරේ උසස් යයි සලකනු ලබන දේ, දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිකුලක් වෙයි.
එය තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, පටන්ගැන්මේ සිට අවසානය දක්වා ඇදහීමෙන් වන ආකාරයට එළිදරවු කරනු ලැබ ඇත්තේ, “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ යැ” යි ලියා තිබෙන පරිදි ය.
හරි වැටහීමෙන් තොරව වුව ද, ඔවුන් දෙවියන්වහන්සේ වෙත දැඩි උද්යෝගයෙන් සිටින බවට මම ඔවුන් ගැන සාක්ෂි දරමි.
ඉන්පසු යෙසායා නිර්භයව කතා කරමින්, “මා නො සෙවූ අය විසින් මා සොයාගෙන ඇත; මා ගැන නො විමසූ අයට මම එළිදරවු වීමි” යි පවසයි.
එසේ නම් කුමක් ද? ඉශ්‍රායෙල් සොයා ගිය දේ අත්කර ගැනීමට එයට නො හැකි විය. එහෙත් තෝරාගනු ලැබූ අය එය අත්කර ගත්හ. සෙසු අයගේ සිත් දැඩි කරන ලද්දේ,
දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මඟින් අදහා ගන්නා සියල්ලන්ට ය. කිසි විශේෂත්වයක් නැත.
තවද එසේ කර ඇත්තේ, තමන්වහන්සේ සාධාරණ වන හැටියට හා යේසුස්වහන්සේ තුළ අදහාගන්නන් නිර්දෝෂකරන්නා වන හැටියට මේ වත්මනේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වීමට ය.
මන්ද ඒ එක මිනිසාගේ අකීකරුකම, බොහෝ දෙනා පව්කරුවන් කළා සේ ම, මේ එක මිනිසාගේ කීකරුකම බොහෝ දෙනා ධර්මිෂ්ඨයින් කරන්නේ ය.
පාපය නො දත් තැනැන්වහන්සේ අප උදෙසා පාපය වීමට දෙවියන්වහන්සේ සැලසූ සේක. එසේ කළේ, උන්වහන්සේ තුළ අප, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස ය.
මා උන්වහන්සේ තුළ සිටින පිණිසත් ය. එය අත්කර ගන්නේ දහම් නීතියෙන් එන මගේම ධර්මිෂ්ඨකමින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ ඇදහීම මඟින් එන, ඇදහිල්ල මත දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම මඟිනි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද අපෝස්තුලුවරයකු ද වූ සීමොන් පේතෘස් වෙතිනි. අපගේ දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මඟින්, අප ලබා ඇති සේ එක සමාන අනර්ඝ ඇදහිල්ලක් ලද්දවුන් වෙතයි.