ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 1:32 - සිංහල කාලීන පරිවර්තනය

මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝ ය යනුවෙන් වූ දෙවියන්වහන්සේගේ නියමය දැන දැනත්, ඔවුහු එබඳු දේම කරනවා පමණක් නො ව, එසේ කරන්නන්ට අනුබල ද දෙති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුසු ය, යන දෙවියන් වහන්සේගේ නියෝගය දැන දැනත් ඒ දේ ම කරති. එපමණක් නොව, ඒ දේ කරන අයට අනුබල ද දෙති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුසු ය, යන දෙවියන් වහන්සේගේ නියෝගය දැන දැනත් ඒ දේ ම කරති. එපමණක් නොව, ඒ දේ කරන අයට අනුබල ද දෙති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝය යන දෙවියන්වහන්සේගේ නියෝගය ඔව්හු දැනගනත් ඒ දේ කරති, එපමණක් නොව ඒ දේ කරන්නන් සමඟ එකඟද වෙති.

පරිච්ඡේදය බලන්න



රෝම 1:32
14 හුවමාරු යොමු  

මෙයින් ඔබේ පියවරුන් කළ වැඩ ගැන සාක්ෂිකරුවන් හා ඊට එකඟවන්නන් වන්නේ ඔබයි; මන්ද ඔබේ පියවරු ඔවුන් මරා දැමූහ; ඔබ ඔවුන්ගේ සොහොන් කොත් ගොඩ නගති.


ඔබ උදෙසා දිවි දුන් ස්තේපන්ගේ ලේ හලනු ලබද්දී, ඔහු මැරූවන්ගේ උතුරු සළු බලා ගනිමින්, මමත් එතැනම සිට ඒ ක්‍රියාව අනුමත කළා’ යි මා කීවා.


ඔහු මරා දැමීම අනුමත කරමින්, සාවුල් ද එහි සිටියේ ය. ඒ දවසේම යෙරුසලම් සභාවට එරෙහි දරුණු වධ හිංසනයක් පැන නැගිණි. අපෝස්තුලුවරුන් හැර අන් සියල්ලෝ යුදය හා සමාරිය යන පෙදෙස් පුරා විසිරවන ලදහ.


තම අධර්මිෂ්ඨකම්වලින් සත්‍යය යටපත් කරන මිනිසුන්ගේ සියලු අභක්තියට හා අධර්මිෂ්ඨකම්වලට එරෙහිව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරවු වෙමින් තිබේ.


මන්ද ඔවුන් දෙවියන්වහන්සේ දැන දැනත්, දෙවියන්වහන්සේට මෙන් උන්වහන්සේට ගෞරව දැක්වූයේ නැත; උන්වහන්සේට ස්තුති කළේ ද නැත. එබැවින් ඔවුන්ගේ මත වාද වැඩකට නැති වී, ඔවුන්ගේ නිස්සාර හදවත් අඳුරු කරනු ලැබ ඇත.


ඔබ දැන් ලජ්ජා වන දේවලින් එකල ඔබ ලද්දේ කවර පලයක් ද? ඒවායේ කෙළවර මරණයයි.


මන්ද පාපයේ කුලිය මරණයයි. එහෙත් දෙවියන්වහන්සේගේ තිළිණ දීමනාව, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ සදාතන ජීවනයයි.


සත්‍යය විශ්වාස නො කොට අධර්මිෂ්ඨකම තුළ සතුටු වූ සියල්ලන් දඬුවමට පත් කරන පිණිසත් ය.