ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යාකොබ් 5:4 - සිංහල කාලීන පරිවර්තනය

මෙන්න! ඔබගේ කුඹුරුවල අස්වැන්න නෙළුෑ වැඩකරුවනට ගෙවිය යුතු, එහෙත් ඔබ විසින් වංචනිකව නො ගෙවූ ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධව මොර ගසයි. ඔබගේ අස්වනු නෙළන්නවුන්ගේ අඳෝනාව ද සියලු බලැති ස්වාමින්වහන්සේගේ සවනට ළඟා වී ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බලව, නුඹලාගේ ගොයම් කැපූ වැඩකරුවන්ට නොදී තබාගත් ඔවුන්ගේ කුලිය කෑගසන්නේය. ගොයම් කැපූ අයගේ මොරගැසීමද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්වල වැටුණේය.

පරිච්ඡේදය බලන්න



යාකොබ් 5:4
23 හුවමාරු යොමු  

එවිට උන්වහන්සේ තම ගෝලයින් අමතමින්, “අස්වැන්න අධිකයි, එහෙත් සේවකයින් ඇත්තේ ස්වල්ප දෙනයි.


රෑ දහවල් උන්වහන්සේගෙන් අයදින, උන්වහන්සේම තෝරා ගත්තවුන්ට දෙවියන්වහන්සේ යුක්තිය ඉටු කරන්නේ නැති ද? උන්වහන්සේ ඔවුන්ගේ අයැදුම් පමා කරන සේක් ද?


තවද යෙසායා පළමුවෙනුත් කී පරිදි මෙසේ ය: “සියලු බලැති ස්වාමින්වහන්සේ අපටත් පෙළපතක් ඉතිරි නො කළ සේක් නම්, අප සොදොම මෙන් විය හැකිව තිබිණි; ගොමොරාව මෙන් වීමට තිබිණි.”


හාම්පුතුනි, ඔබටත් හාම්පුතකු ස්වර්ගයෙහි සිටිනා වග දැන, ඔබගේ දාස දාසීනට යුතු ලෙසත්, සාධාරණ ලෙසත් සලකන්න.