යාකොබ් 1:11 - සිංහල කාලීන පරිවර්තනය දැඩි උෂ්ණත්වයෙන් යුතුව හිරු උදා වූ කල, පැළෑටි වියළෙයි. එවිට මල් හැලී එහි ලස්සන පෙනුම නැති වී යයි. ධනවතා ද තම ක්‍රියා මාර්ග අතරේම එලෙසින්ම මැලවී යයි. Sinhala New Revised Version දැවෙන හිරු කිරණින් තණ කොළ වියළී යයි; ඒවායේ මල් පෙති වැටී යයි. එහි සෞන්දර්යය පහ වී යයි. එලෙස ම ධනවතා සිය උපාය මාර්ගවල දී මැල වී යයි. Sinhala New Revised Version 2018 දැවෙන හිරු කිරණින් තණ කොළ වියළී යයි; ඒවායේ මල් පෙති වැටී යයි. එහි සෞන්දර්යය පහ වී යයි. එලෙස ම ධනවතා සිය උපාය මාර්ගවල දී මැල වී යයි. Sinhala Revised Old Version මක්නිසාද සූර්යයා තද රස්නයෙන් යුක්තවූ සුළඟින් උදාවී, තණකොළ වියළවයි; ඒවායේ මල් වැටී පෙනීමේ අලංකාරය නැතිවීයන්නේය. එසේම ධනවතා තමාගේ මාර්ගවලදී මැළවී යන්නේය. |
‘අන්තිමට වැඩට ආ මේ මිනිසුන් වැඩ කළේ එක පැයක් පමණයි. එහෙත් දවසේ බර උසුලමින්, අධි උෂ්ණයත් දැරූ අපට ඔබ ඔවුන් සමාන කර ඇතැ’ යි කීහ.
අද පිපී, හෙට ගින්නෙහි ලන තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද? අහෝ ඇදහිලි මද තැනැත්තෙනි,
ලෝකයේ සැප විඳින්නන්, ඒවායේ නො ගැලෙන්නන් මෙන් ද වෙත්වා. මන්ද මේ වත්මන් ලෝකය පහ වී යන්නේ ය.