එසේම දැන් ඔබගේ ශෝකය තිබේ. එනමුත් මා යළි ඔබ දකින්නෙමි. එවිට ඔබගේ හදවත් ප්‍රීති වනු ඇත. ඔබගේ ප්‍රීතිය කිසිවකුත් ඔබෙන් පැහැර ගන්නේ නැත.
පිලිප්පි 2:28 - සිංහල කාලීන පරිවර්තනය එබැවින් යළි ඔහු දැක්මෙන් ඔබ සතුටින් පිනා යන පිණිස හා මගේ කනස්සල්ල හීන වන පිණිස, ඔහු ආපසු එවීමට වඩ වඩා උනන්දු වෙමි. Sinhala New Revised Version එබැවින් ඔබ ඔහු නැවත දැක ප්‍රීති වන පිණිසත්, මාගේ ශෝකය අඩු වන පිණිසත් ඔහු එවීමට වඩාත් ආශාවෙන් සිටිමි. Sinhala New Revised Version 2018 එබැවින් ඔබ ඔහු නැවත දැක ප්‍රීති වන පිණිසත්, මාගේ ශෝකය අඩු වන පිණිසත් ඔහු එවීමට වඩාත් ආශාවෙන් සිටිමි. Sinhala Revised Old Version එබැවින් නුඹලා ඔහු නැවත දැක ප්‍රීතිවෙන පිණිසත් මාගේ සෝකයද අඩුවෙන පිණිසත් ඔහු වඩා ඉක්මන්කොට එවීමි. |
එසේම දැන් ඔබගේ ශෝකය තිබේ. එනමුත් මා යළි ඔබ දකින්නෙමි. එවිට ඔබගේ හදවත් ප්‍රීති වනු ඇත. ඔබගේ ප්‍රීතිය කිසිවකුත් ඔබෙන් පැහැර ගන්නේ නැත.
ඔවුන් වඩාත්ම ශෝක වූයේ, යළි ඔවුන් ඔහුගේ මුහුණ දකින්නේ නැතැයි පාවුල් කී බැවිනි. ඉන්පසු ඔවුහු නැවට ඔහු ඇරලූහ.
මා ඔබට ලියා එවුවේ මා පැමිණි කල, මා සොම්නස් කරන්නට යුතු වූවන් වෙතින්ම මා වේදනාවට පත් නො වන පිණිස ය. මන්ද මාගේ ප්‍රීතිය, ඔබ හැමගේත් ප්‍රීතිය වන බවට ඔබ හැම ගැන නිසැක හැඟීමක් මට තිබිණි.
ඔබ හෙළූ කඳුළු සිහි වන විට, ඔබ දැකීමේ දැඩි ආශාවක් ඇති වන්නේ, මා ප්‍රීතියෙන් පිරී යන පිණිස ය.